
(අංජුල මහික වීරරත්න)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණයට ලැබෙන පෙත්සම් සංඛ්‍යාවෙන්ම ඊට සමාජයේ තිබෙන විරෝධය තේරුම් ගැනීමට හැකි බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (20) පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට නඩු අහන විනිශ්චයකාරවරුන් 13 දෙනාගේම සහභාගීත්වයෙන් අදාල පෙත්සම් විභාග විය යුතු බවට තමන් ඉල්ලා ඇතැයිද ජී.එල්.පීරිස් මහතා කීය.
ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා:-
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පැය කිහිපයක් ඇතුළත අපි අධිකරණයට ගියා. පළවෙනි පැය 24 තුළ පෙත්සම් 38 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මීට පෙර සංශෝධන 21 ක් ඉදිරිපත් වෙලා තිබුණා. කිසිම සංශෝධනයක් සම්බන්ධයෙන් මේ විධියේ පෙත්සම් බහුලතාවයක් අපි දැක්කේ නැහැ.
මේක ආරම්භය; අවසානය නෙවෙයි. තව සති දෙකක් තිබෙනවා පෙත්සම් ඉදිරිපත් කිරීමට. එතකොට ඒ සති දෙක අවසාන වෙනකොට පෙත්සම් කීයක් ලැබිලා තියේවිද? ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන සීමිත කාලය තුළ මේ පෙත්සම් කන්දරාව අහලා ඉවර කරන්න කාලය තිබේද කියන එකත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේකෙන් පේනවා කෙතරම් තියුණු මතයක් සමාජය තුළ තිබෙනවාද කියලා.
අපේ පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණේ ඉතාමත් පැහැදිලි ස්ථාවරයක්. කරුණු දෙකයි:
පළවෙනි කාරණය තමයි මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් තීරණයක් ගන්න බෑ. මොකද, මේ සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට සිටින අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු විනිශ්චයකාරවරුන්ට විශාල වාසියක් ඇතිවෙනවා. එතකොට තමන්ගේ නඩුව තමන්ටම අහන්න බැහැ කියන මූලික සිද්ධාන්තය කෙළින්ම බලපානවා. මේක බාරදෙන්න ඕනේ ජනතාවට. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න ඕනේ. ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ. දැන් ඉතාමත් පැහැදිලි නඩු තීන්දු මේ සම්බන්ධයෙන් තියෙනවා. අපි ඉදිරිපත් කරන නීති තර්කවලට පැහැදිලි පදනමක් තියෙනවා. මීට පෙර අවස්ථා දෙකකදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව සඳහන් කර තියෙනවා, විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්න වයස පිළිබඳ වෙනසක් කරනවා නම් ඊට අනිවාර්යයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා.
අනිත් කාරණය තමයි අපි බොහොම පැහැදිලිව ඉල්ලා සිටිනවා පූර්ණ විනිශ්චය මණ්ඩලයක්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් නඩුව අහන විනිශ්චයකාරවරුන් 13 දෙනාම මේ නඩුව අහන්න ඕනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd