(සුජිත් හේවාජුලිගේ )
රෝහල් සඳහා ඖෂධ ශල්‍ය උපකරණ රසායන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඩොලර් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අද (31) පස්වරුවේ පැවැත්වූ සාකච්ඡා සම්පූර්ණයෙන්ම අසාර්ථකවී ඇතැයි වාර්තා වේ.
අමාත්‍යවරුන් දෙදෙනා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉතාම සංවේදීව කරුණු ඉදිරිපත් කර තිබූ අතර මේ තත්වය ගැන රටට කීම හැර වෙනත් විකල්පයක් තමාට නැති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
ඖෂධ, ශල්‍ය උපකරණ, රසායනාගාර ද්‍රව්‍ය, විදුලිය, ඉන්ධන, ආහාර, සහායක වෛද්‍ය සේවා සඳහා වහාම ගෙවීම් නොකළහොත් සහ විදේශයන්ගෙන් ගෙන එන ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය වහාම නිකුත් නොකළහොත් රෝහල් පද්ධතියම කඩා වැටෙන බව කෙහෙළිය රඹුක්වැල්ල සහ චන්න ජයසුමන යන අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපතිවරයාට මෙහිදි දැඩි අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කර ඇත.
වසරේ පළමු මාස තුනේදී රෝහල් පද්ධතිය පවත්වාගෙන ආවේ ඉතාම අපහසුවෙන් බවත්, අදාළ ආයතනවලින් ඩොලර් ඉල්ලීමෙන් අතිශයින්ම වෙහෙසට පත්ව සිටින බවත් එම දෙදෙනා පවසා ඇත.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහ බැංකුවේ අධිපතිවරයා මීට පෙර පැවති රැස්වීම්වලදී පෙබරවාරි සහ මාර්තු මාස සඳහා ලබා දෙන්නේ යැයි පොරොන්දුවූ මුදලින් අඩක්වත් මෙතෙක් ලබාදී නොමැති බව අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇත.
ජනපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වූණු මෙම සාකච්ඡාවට ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
මේ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මෙම අර්බුදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්තුරුන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කරුණු පෙන්වාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ පවුලම යවමුද?
බැරිනම් දීලා යන්න...
මේ ගැන රටට කීම හැර විකල්පයක් නැතිනම් මෙපමණ පණ්ඩිතයින් සමග සාකච්ඡා කුමටද? ඖෂධ නැතිනම් අසාධ්‍ය රෝගීන්ට මොකද වෙන්නේ?
මේ අමාරු අවස්ථාවේ අනවශ්‍ය දේවල් ඉල්ලීම් නොකර තියන දේවල්වලින් ප්‍රතිකාර කරන්න දොස්තර මහත්තයා...!
ගෝඨාභය හොඳින්ම මේවා ගැන දන්නවා... එයාට මේවායේ රසායනික දේවල් නැහැයි කියලා නිර්දේශ කරන්න පුළුවන්...