.
(සුජිත් හේවාජුලිගේ )
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 වර්ෂයේදී දිගින් දිගටම දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදුවී ඇතැයි එම ආයතනය ගැන කරුණු සෙවීමට පත්කළ පංච පුද්ගල කමිටුව හෙළිදරව් කර ඇති බවත් එම දූෂණ වංචා කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
අධිකාරීයේ කටයුතු සාර්ථක කර ගැනීමට නම් එහි ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කළ යුතු බවටද එම කමිටුව යෝජනා කර ඇතැයි පැවැසූ රාජ්‍ය ඇමැතිවරයා මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා එම අධිකාරී පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
ඖෂධ නියාමන අධිකාරියේ 2015 වසරේ ජුනි මස පළමු වැනිදා සිට එම වසරේ මාර්තු මස 17 වන දින දක්වාවූ කාලසීමාවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයාබැලීම සඳහා මේ පංච පුද්ගල කමිටුව පත්කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසිනි.
විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය සභාපතිත්වය දැරූ එම පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව වීරවර්ධන මහත්මිය විසින් රාජ්‍ය ඇමැතිවරයාට පසුගියදා බාර දුන්නාය.
එම කමිටු වාර්තාව තමා තවදුරටත් අධ්‍යයනය කරගෙන යන බවද ජයසුමන මහතා පැවැසීය.
ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳ පංච පුද්ගල කමිටුවේ වාර්තාව පිළිබඳව කරුණු දක්වමින් මහාචාර්ය චන්න ජයසුමන මහතා එසේ සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.