
රසායනික ද්‍රව්‍ය, මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය ආදිය හඳුනාගැනීමේ උපකරණ තොගයක් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රහස් පොලිස් අධිකාරී රොබට් විල්සන් යන මහත්වරු අද(27) ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා වෙත පිරිනැමූහ.
ත්‍රස්තවාදයට හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර සහයෝගීතාව තහවුරු කරමින් මෙම උපකරණ පිරිනැමිණි.
ඕස්ට්‍රේලියානු රජයේ ආධාර යටතේ සපයන ලද මෙම උපකරණ, පුළුල් උෂ්ණත්ව පරාසයක ඇතුළු විවිධ පරිසර තත්ව යටතේ වුවද ක්‍රියාත්මක වේ. බහාලුම් තුළ තිබියදී පවා ඝන සහ ද්‍රව වර්ග හඳුනාගැනීමේ හැකියාව ඇති මෙම උපකරණ අතේ ගෙන යා හැකි පරිදි නිර්මාණය කර ඇත.
ඕස්ට්‍රේලියානු රජය සහ ශ්‍රී ලංකා රජය දීර්ඝකාලීනව පවත්වාගෙන ආ සහයෝගීතාවද, ශ්‍රී ලංකා පොලිසිය සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අතර පවතින සබඳතාව ද වැඩිදියුණු කරනිමින්, අනාගතයේ ශක්තිමක් හවුල්කාරිත්වයක් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව කී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් හොලි මහතා, අපරාධ මැඬලීම වෙනුවෙන් ඉදිරි පෙළ සේවාවල යෙදී සිටින ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ට එම උපකරණ රුකුලක් වනු ඇතැයිද සඳහන් කළේය.
පරිත්‍යාග කරන ලද මෙම උපකරණ කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිත කිරීම සහතික කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් මත්ද්‍රව්‍ය පරීක්ෂණ පිළිබඳ පුහුණුවත් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් වෙත ලබාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියා රජයට අපි ස්තූති කළ යුතුයි. ලංකාවේ පොලිසියට කවදාවත් මේවා මිලදී ගන්න බැහැ, ගන්නෙත් නැහැ.. පාඨක අපි යෝජනා කරනවා.. සියලුම රේගු අංගන පිටවීම් ගේට්ටුවල පොලිස් විශේෂ කාර්ය බලකාය හරහා පරීක්ෂා කිරීමට... ගුවන් තොටුපළවල් සහ බෝට්ටු තොටුපළවල් ආවරණය වන පරිදි උපකරණ ස්ථානගත කරන්න.
නාකොටික් නිලධාරින්ගේ නිවෙස්වලත් සවි කරන්න...
මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට ලංකාවේ පොලිසියට කිසිඳු උපකරණයක් අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා "ඍජු අණක්" සහ "රාජ්‍ය අධීක්ෂණයක්" පමණි. මාස 6ක් වැනි කෙටි කාලයකින් මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කළ හැකිය..