(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 272 ක් අද(10) උදෑසන මෙල්බර්න් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .
අද උදෑසන 6.12 ට ඕස්ට්‍රේලියාවේ , මෙල්බර්න් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 605 දරණ විශේෂ ගුවන් යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානයෙන් පැමිණි සියලු දෙනා මෙන්ම ඔවුන්ගේ ගමන් මලු ද ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විශබීජ හරණය කිරීමකට ලක් කෙරුණි .
ඉන්පසුව එම ගුවන් මගීන් කොරෝනා ආසාදිත තත්වයෙන් පසු වන්නේ ද යන්න , ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා බැලීමක් ද සිදු කෙරුණි .
එම කටයුතු ද නිමාවෙන් පසු ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සූදානම් කර තිබූ බස් රථ මගින් , මෙම ගුවන් මගීන් සියලු දෙනා , නීරෝධායන කටයුතු සදහා රැගෙන යෑම සිදු කෙරුණි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ විදෙස් විනිමය කොල්ලකන කොපමණ පිරිසක් මේ අය අතර ඇතිද? ටික දෙනෙක් නම් රජයේ හෝ එරට ශිෂ්‍යත්ව ලබාගෙන යන්න ඇති. අනිත් අය ඉතින් මෙහෙ අධ්‍යාපනය හොඳ මදි වෙලා යන්න ගිය අයනේ.මුදල් ගෙවා නිරෝධායනය වෙන්න හෝටල් කාමර වලට ගාල් කරන්න ඕනේ මේ වගේ අය.
කරුණාකර අරාබි රටවල හිර වෙලා ඉන්න ශ්‍රමිකයන් 50000 අතර සිටින බඩදරු අම්මලා සහ රෝගී පුද්ගලයන් ටිකවත් ලබන සතිය තුළ ගෙන්වා ගන්න බලන්න.
ලංකාවට විදේශ විනිමය ගෙනෙන අරාබි රටවල සිරව සිටින ශ්‍රී ලාංකිකයන්හට මුලිකත්වය දිය යුතුයි. මේකනම් හරිම අඅසාධාරණයි.
පේන විදියට මේ ගොල්ල එහෙ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ නෙවේ වගේ...
ලංකාවට විදේශ විනිමය ගෙනෙන අරාබි රටවල සිරව සිටින ශ්‍රී ලාංකිකයින් හට මූලිකත්වය දිය යුතුයි...
අරාබි රටවල ඉන්න බඩදරු අම්මලා සහ රෝගී පුද්ගලයන් ටික හරි ගෙනඑන්න කියලා මම දමපු අදහසත් ඩිස් ලයික් කරන්න තරම් කුහක සිංහල මිනිස්සු ඉන්න එක කණගාටුවට කරුණකි...
මේ රටේ ආර්ථිකයට උරදී සිටින අරාබියේ දුක්විඳින මිනිස්සු මතක නැහැ. එංගලන්තය, ඕස්ට්‍රේලියාව තමයි මතක... අනේ මෙහෙමත් අප්පොච්චියෙක්...
බෝට්ටුවෙන් ගිය අය ප්ලේන් එකෙන් ආපහු එනවා.
මේ පිරිසේ ඉන්නේ කව්රුන්දැයි හරියටම නොදැන දොස් කියන්න එපා. ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට නිවාඩුවට ඥාති ගෙවල් ගිහින් හිරවුන උදවියත් ඉන්නවා. දැන් ඒගොල්ලන්ව ලංකාවට ආපසු එවනවා මිසක් ස්කොට් මොරිසන්ට ගෙදර නවත්වා ගන්න කියලාද කියන්නේ. අනෙක ඕස්ට්‍රේලියාවේ ඉන්න ලංකාවේ මිනිස්සුන්ගෙන් ආධාර උපකාර ගන්න හොඳයි. හැබැයි ඒ මිනිස්සුන්ට කරදරයක් වුනාම ලංකාවට අඩිය තියන්න තහනම්.
ඉගෙනීමට හෝ රැකියා සඳහා පිටරටයාම එසේ කරන අයගේ අයිතියක්... කරදරයක් වුණාම ආපසු එන්න ඉල්ලනවා නම් ඒකටත් ඉඩදිය යුතුයි. ඕස්ට්‍රේලියාවේ නතරවුණා කියලා ඇති සැපයක් නැහැ...
බිමල් ඔබ අරාබිකරයේ අතරමන් වෙලා ඉන්න ශ්‍රමිකයන් ගැන මොකද කියන්නේ ?