
(අංජුල මහික වීරරත්න)
නීතිය සැමට සමාන අයුරින් ක්‍රියාත්මක කරන්නට තැබූ පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික භික්‍ෂු දින උත්සවය අමතමින් පැවසීය.
"ඕන තරම් කෑ ගහන්න, අඬන්න,වැලපෙන්න පුළුවන්. ඒත් තැබූ පියවර ආපසු හරවන්නේ නැතැයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
භාණ්ඩාගාරයට පැමිණිය යුතු ධනය ඇමතිවරුන්ගේ ගෙවල් වලට ගලා ගෙන යාමට අතුරු පාරවල් හදාගෙන සිටි බව කී ජනාධිපතිවරයා එලෙස මහජන ධනය අයුතු ලෙස උපයාගෙන තිබෙනවා නම් යළි පවරා ගෙන වැරදිකරුවන්ට දඩුවම් නියම කරන බව සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ දී මෙම උත්සවය පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ නිවැරදියි ජනතාව ඔබ සමගයි...
ඒ උනාට තාමත් වහල්කම් කරන්න රටේ වංචා වෙනවට කැමති මම වගේ පිරිසකුත් ඉන්නවා. අපි ඔය සිස්ටම් චේන්ජ් එකට කැමති නෑ. අපිට තියෙන 'සිස්ටර්න්' එක හොඳයි.
රනිල්ට විරුද්ධව බරපතල චෝදනා තියෙනවා. ඒ වගේම මාලිමා ඇමතිලාට විරුද්ධවත් බරපතල චෝදනා තියෙනවා. නීතිය සැමට සමාන නම් ඒ සියල්ලට නඩු දාන්න. කවුරුවත් අඬන එකක් නෑ. ඒත් මේ වගේ ප්‍රායෝගික නැති මෝඩ චෝදනා දැක්කාම ආණ්ඩුව ගැන ඇත්තටම දුක හිතිලා ජනතාව අඬනවා.
කාගෙවත් පදේට නටන්න එපා. දැනටමත් ඔබතුමා ඇතුළු ජේ.වී.පී එක විශාල අවධානමක. මොකද අවසානයේ ජාවාරම්කරුවන් එකතු වෙයි.රට පස්සට යයි.
නිවැරදි දේ සඳහා රටේ නීතියට අනුව වැඩ කිරීම ගැන කිසිවෙක් දොස් නගන්නේ නැත. ඒත් පැලවත්තෙන් එන දේවලට නීතිය නවා වැඩකට නැති දේවල් වලින් රටට වැඩක් කළ නායකයින්ගෙන් පළිගන්න හදන තැනදී ටිකක් කල්පනාකාරී විය යුතුයි. ඔය උද්ධච්චකම ඒ තරම් සුබ නැත.
ජයවේවා ... ඔහොම යමු.
කන්ටේනර්, හොර ඔප්පු, ගල් අඟුරු මතක නෑ? ඩිමෙන්ෂියාවත්ද කියලා අඬන්න හිතෙනවා...
මාර පරාජය සිදු කිරීම වගේ ඉවසීමෙන් කටයුතු කරමු. රටේ සාතිශය බහුතරයක් ඔබ සමගයි.
සත්තු, සරපයි, හා බල්ලෝ සමග ලගින මැක්කෝ කෑමොර දුන්නයි කියලා ඔබතුමා අවංකව යන මේ ගමන නවත්වන්න එපා.. මේ රටේ ජනතාව ඔබ තුමාට ඡන්දය දුන්නේ, බඩු මිල අඩුකරවාගෙන අපේ බඩවල් පුරවා ගන්න නෙවෙයි... මේ කම්බා හොරුන්ගෙන් මේ රට ගලවා ගන්නට සහ මේ හොර දේශපාලන කල්ලි මත යැපෙන අධම අශිෂ්ඨ රැලෙන් මේ මාතෘභූමිය ගලවා ගන්නයි... නමුත්, ස්වාධීන යුක්ති ගරුක අපි, ඔබගේ වත් නිවට වහල්ලු නොවෙයි. ජයෙන් ජයම වේවා!!
කන්ටේනර් 326 මොනවද තිබුනේ කියල තවමත් හොයාගන්න බැරිවෙලා . ඒවාට නීතිය කඩිනම් නොකෙරුවොත් හරි බයානකයි . ආයුධ දන්නේ නැහැනේ .
ජනාධිපතිතුමනි, ඔබ මා සියසින් දුටු දෙවියකි.
ජාතික භික්ෂූ දිනයේ කරපු කතාව සම්පූර්ණයෙන්ම දේශපාලන කතා. භික්ෂූන් කියන්නේ ලෞකික ජීවිතය ගැන උනන්දු පිරිසක් නෙවෙයි. ඉතින් මොකටද එහෙම අදාළ නැති කතා පවත්වන්නේ? භික්ෂූන් කියන්නේ ජවිපෙ අනුගාමික කොණ්ඩා රවුල් වවාගත් චීවරධාරීන් ටික කියල හිතුවාද දන්නෙත් නැහැ
දිගටම අනුර
නීතිය ලොකු පොඩි සමට එකයි. ඒ නිසා කවුරුත් පරෙස්සමෙන්. මුදල/අගය නොවෙයි අදාල, වරද. ඒ නිසා නීතිය තමුණට හැර ඕනේ කෙනෙක්ට කියන මතයෙන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ඉවත් විය යුතුයි. ශීලචාර, නීතියට ගරු කරන ජාතියක්, රටක් ලෙස ලොව පිළිගන්න තැනට සැවොම එක්ව වැඩ කරමු.
ඔයත් අඬන්න ලෑස්ති වෙලා ඉන්න.
ටින් ටින්ටත් මේ ගෞරවය ලැබිය යුතුයි . ජයවේවා!
කොහොමටවත් එහෙම කරන්න වෙන්නේ නැහැ, රටේ බහුතර ඔබ සමගයි, හොරුන් මිනි මරුවන්ට හා දූෂකයන් පරාද කරලා මේ රට ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පත් කිරිමේ වගකීම තිබෙන්නේ ඔබටයි.
අපි ඔබව ජනාධිපති ලෙස නොසළකමු. මගේ අදහස. ඔබට වෙළඳසැලක් වත් පවත්වා ගැනීමට හැකියාවක් නැහැ. ඔබ බලයට පැමිණි හේතුව තරහකින් පිරුණු ඡන්දයි. ජනතාව දැන් ඔවුන් කළ දේ ගැන ෂොක් වී ඇත . ඔවුන් 2020 දෝෂය 2024 දීත් නැවත නැරඹීය. රනිල් සමඟ ඔබව සංසන්දනය කරමින් ඔහුට අපහාස කරන්න මට අවශ්‍ය නැහැ.