
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැඩි කළ අතිකාල සහ ඇගිලි සලකුණ පිළිගෙන පැමිණියහොත් තැපැල් සේවකයන්ගේ සහ වෘත්තීය සමිතිවල ඉතිරි ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කිරීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවට අතිකාල දීමනා ලොකුවටම වැඩිකර තිබියදී තවත් සතයක්වත් වැඩි කළ නොහැකි බව පැවසූ අමාත්‍යවරයා දෙපාර්තමේන්තුව උපයන මුදලින් සියයට 70 ක් වැය කරන්නේ වැටුප් වලට සහ අතිකාල වලට බවද ප්‍රකාශ කළේය.
මෙය දේශපාලන වුවමනාව වෙනුවෙන් සිදුවන වැඩවර්ජනයක් බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ දිගාමඩුළු දිස්ත්‍රික් මන්ත්‍රී එස් එම් උදුමා ලෙබ්බේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර ඕටී දාන අයට නම් හොඳම වැඩේ... කරන්නෙම හොරකම. ඒකෙනුත් වර්ජන හොරකම වහ ගන්න.
දොස්තර මහත්තයෝ, ඔය නීතිය රජයේ රෝහල්වල වැඩකරන දොස්තරලා ඇතුළු එනෙකුත් සියලුම සේවකයින්ටත් අදාළ වෙන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බයද..? මොනවා වුණත් ලංකාවේ දොස්තරලා රෝගීන්ව මරලා හරි, ඔය නීතිය නම් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන එකක් නැහැ. ඒ වුණාට මාෆියා කාරයින්ට බයේ නීතියක් ක්‍රියාත්මක කරන්න රජයකට බැරි නම්, ඒකත් විශාල ගැටළුවක්...!
බද්‍රානි ගේ කතාව හරියට හරි. ඒත් ඉතිං ක්‍රියාත්මක කිරීම ඒතරම් ලේසි වෙන්නෙ නෑ.
ඒ උනාට සමිතිවලින් කියන්නෙ ඔය කියන OT සහ FINGERPRINT කියන දෙක එයාලගෙ ඉල්ලීම් 19 යෙ නැතිලු. එහෙනම් ඉතිං සාකච්චා වලට ඇති බාදාව මොකද්ද?