(ටී. කේ. ජී. කපිල )
ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරගකාරී අංශයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ නිල්මිණි සිගේරා මහත්මිය, ‘අසන්ධිමිත්තා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සිනමා උළලේ විශිෂ්ටතම රංගනය සඳහා පිදෙන "යශිකෝ මුතු" සම්මානය දිනා ගත්තාය.
ඇය අද(19) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඇය පිළිගැනීම සදහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති අනූෂා ගෝකුළ මහත්මිය, අධ්‍යක්ෂ අශෝක හඳගම මහතා ඇතුළු නළුනිළියන් පිරිසක් ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
ආසියානු රටවල් 14 ක සහභාගීත්වයෙන් මාර්තු 08 වන දින සිට මාර්තු 17 දින දක්වා මෙම චිත්‍රපට උළෙල ජපානයේ ඔසාකා නුවරදී පැවැත්විණි.
සම්මානිත ලේඛක සමන් වික්‍රමාරච්චි මහතා විසින් රචිත "අසන්ධිමිත්තා" නවකථාව ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මෙම චිත්‍රපටය නිපදවා තිබේ.
ඇයට මෙම ජයග්‍රහණය වෙනුවෙන් වටිනා සහතිකයක් සහ ජපානයේ ස්වභාවික මුතුවලින් නිපදවූ යශිකෝ මුතු මාලයක් ද එම චිත්‍රපට උළෙලේ සංවිධායකවරුන් විසින් පිරිනමා තිබුණි.
නිල්මිණි සිගේරා මහත්මිය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරන අතර, ඇය රඟ පෑ පළමු චිත්‍රපටය මෙය වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ උණුසුම් සුබ පැතුම්
උණුසුම් සුභ පැතුම්
ඉස්සර හිටිය හොඳ රුපවාහිනී නිවේදිකාව විශිෂ්ටතම නිළිය වී සිටීම පිළිබඳ අපගේ සුබපැතුම්.
සුන්දර සිනාවෙන් ඔබ අප සතුටු කලේ... මතකය නැගෙනවා රුපවාහිනී නිවේදනේ... සැමවිට සිනාවෙන් සිටි ඔබ අප සිත්ලේ... සැමදා නොමැකෙනි ඔබේ සුන්දර සිනහවනේ..
කෙනෙකුගේ රුපකායට විශේෂයෙන් කාන්තාවකට සුන්දර සිනහාව මිල කළ නොහැකි ආභරණයකි. එම ආභරණයෙන් සැමවිටම සැරසී සිටින ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!!!
ගුරු මවිනි ඔබට අපේ උපහාරය..
අපේ තරුණ සිනමා කරුවෝ මේ විදිහට ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම සතුටට කරුණක්. එත් අද සිනමාව පොදු ජනතාවගෙන් ඈත් වෙලා කියල මට හිතෙනවා. රුපවාහිනියේ ආගමනය නිසා ජනතාව සිනමාවෙන් ඈත් උනා කියලා තමා විචාරකයෝ කියන්නේ. එත් බලන්නකෝ ඉන්දියාවේ. අලුත් චිත්‍රපටියක් ආවම රසිකයෝ පොර කකා බලන්නේ. එක රසිකයෙක් එකම චිත්‍රපටිය දහදොළොස් වතාවක් බලනවා. අපේ සිනමාවට එහෙම ජනතා ආකර්ෂණයක් දිනාගන්න බැරි ඇයි?