(ඉන්දිකා රාමනායක)
කෝටිපති ව්‍යාපාරිකයකු වු ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ ජාකර්තා හී තට්ටු නිවාස සංකීරණයකදී අභිරහස් ලෙස ඝාතනය වීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට යාමට නියමිතව ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
මෙම ඝාතනය පසුගිය 02 දින සිදුව ඇති අතර මෙම ඝාතනයෙන් පසු ඔනේෂ් සුබසිංහගේ බ්‍රිසීල ජාතික බිරිඳ සහ ඇගේ සහයිකාව බව කියන බ්‍රිසීල ජාතික කාන්නාව සිව් හැවිරිදි දියණියද රැගෙන එම නිවසින් පලාගොස් ඇති බවටබ වාර්තා වේ.
පසුව එම පිරිස කටාර් බලා පලාගොස් ඇති බව ජාකර්තා පොලිස් විමර්ශන තොරතුරු අනාවරණය කරයි.
පසුගිය ජනවාරි 20 වෙනිදා නිවාඩුවක් ගත කිරීමට ඔනේෂ් සිය බිරිඳ දියණිය සහ බිරිඳගේ සහයිකාව සමඟ ඉන්දුනීසියාවට ගොස් ඇති බව කියයි.
මෙම අපරාධය ඉන්දුනීසියාවේ සිදුවූවත් මෙම ඝාතනයේ සැළසුමේ පෙර සූදානම ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති බව පෙනී යන බැවින් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භකර ඇත
ඒ අනුව ඉදිරි විමර්ශන සඳහා ජාත්‍යාන්තර පොලීසියේද සහය ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටියි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංජන් හොද ට්‍රිප් එක. ගිහින් විනෝද වෙලා එන්න. බොරු හේතුවක් හරි දාලා යන්න පුලුවන් නම් හොදයිනේ ඉතින් අතින් පයින් යන එකක්ද, මිනිස්සුන්ගේ සල්ලිනේ
අන්තර්ජාතික මිනීමරු හෙරකට අහුවෙච්ච ලාංකික පල් මෝඩයෙක්. ඔය කියන දුවත් මෙයාගේ වෙන්න බෑ නොවේද?
ආණ්ඩුවේ මජර වැඩ කරනා දේශබන්දුගේ කුක්කෝ ටික දෙනෙක් ඉන්දුනීසියාවේ සොමියක් දාන්න යනවා වගේ
බ්‍රසීල ගෑනුන්ට සල්ලි පෙනෙන්න බැහැ. මේ මෝඩයාට ඒක තේරුනේ නැද්ද? ගෑණි බ්‍රසීලයට පැන්නම හොයනවා බොරු. අත්දැකීමෙන් කියන්නේ….
කැබිතිගොල්ලෑවේ බස් බෝම්බෙත් සැක මට විතරද…? ඒකත් මයින්ද මාතියාට නැගිටින්න තියපු එකක්ද…? මේ අය නැගිට්ටේම මෙහෙමනේ….