වේයන්ගොඩ ළමා උද්‍යානයකදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 13 හැවිරිදි දැරිය මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රශ්මි අරලිය නැමැති 13 හැවිරිදි දැරියකි.
ඊයේ (04) සවස වේයන්ගොඩ ළමා උද්‍යානයකදී මව සමඟ ඔන්චිල්ලා පදිමින් සිටියදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් එම දැරිය බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගත කළ අතර ඇගේ මව දිස්නා ජානකි (47) ඊයේ මිය ගියාය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ළමා උද්‍යානයේ කලමනාකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමා ජීවිත ගණන් ගන්නේ නැති මේ අයට උපරිම දඬුවම් දිය යුතුයි. එත් නැතිවූ අහිංසක ජීවිත යලි ලබා ගත හැකිද?
ඕක මේ රටේ තියන වැරැද්ද. කිසිම දෙයක ප්‍රමිතියක් නැහැ ලඟදි සෝපානයක් කඩා වැටිලා කෙනෙක් මැරුණා. හැමකෙනෙක්ම මැරිච්ච පුද්ගලයාව විකුණගෙන කෑවා මිසක් කව්රුවත් ඔය සෝපාන වල නඩත්තුව, මොනවද කෙරෙන්න ඕන, කව්ද ඒවා අනුමත කරන්නේ කියන එක ගැන වචනයක් කතා කලේ නැහැ. මොකද ජනතාව ඒවා ගැන දන්නේ නැහැ දන්නවනම් ඔය සොපානේ යන්නේ නැහැ මොකද ඒක ඒ තරමටම ප්‍රමිතියෙන් බාලයි. තව දෙයක් තමයි ජීවිත ආරක්ෂක කබා නැතුව හැම තැනම ඔරු බෝට්ටු පද්දනවා දෙයක් වෙනකම් බලාගෙන ඉන්නවා මම මේ ඕවයේ යන අයට කියන්නේ පණට ආදරේ නම් ආරක්ෂක කබා නැති බෝට්ටු වලට නගින්න එපා විශේෂයෙන් පීනන්න බැරිනම්
ලෙෂර් වර්ල්ඩ් කියන ස්ථානයේනුත් ජීවිත හානියක් කොයි මොහාතේ සිදු වෙනවා. මන් බේරුනේ නුලෙන්. අඩි 100 පමණ උඩින් ඉතා වේගයෙන් පහලට එන වේගයට එලියට විසිවෙන්න ගියා. කරුණාකර ඊට යටින් දැලක් හෝ ෆෛබර් සම්පුර්ණ ආවරණය කල යුතුය. අනිත් තැන පානදුර දුම්රිය ස්ථානයේ අවුරුදු 100 ක් පමණ සුද්දන්ගේ කාලේ හදපු ගුවන් පාලම මෙය දිරලා සමහර තැන් පස් වෙලා මේක මගීන් සමග කඩා වැටුණු දාට 30,40 ගේ ජීවිත අහිමිවෙනවා. මෙච්චර දිරලා තියෙන පාලමට සිමෙන්ති දාලා ඇස්බැස්ටෝස් වහලයක් ගහලා.පළමුවෙන් ඒක ඉවත් කල යුතුයි .රටේ මේ වගේ අනාරක්ෂික හැමතැනම