IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඔටාරාගෙන් නිවේදනයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

"එජ් කෝඩ් ප්‍රෝ" නම් මාර්ග ගත වේදිකාව තමාගේ නම, ඡායාරූප සහ වීඩියෝ වංචාසහගත ලෙස සංස්කරණය කර යොදාගෙන ඇති බවට දැනගන්නට ලැබී ඇති බවත් මෙරට ජනතාවට ඉන් ප්‍රවේශම් වන ලෙස ඉල්ලා සිටින බවත් ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවක් සහ සත්ව සුභසාධනය සඳහා පෙනී සිටින්නියක් වන ඔටාරා ගුණවර්ධන මහත්මිය ඊයේ(07) නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවූවාය.

තමාට "එජ් කෝඩ් ප්‍රෝ" මාර්ගගත වේදිකාව හෝ එහි නිලධාරීන් සමග කිසිඳු සම්බන්ධතාවයක් නැතැයිද ගුණවර්ධන මහත්මිය පැවැසුවාය.

මෙම වේදිකාව සමග සම්බන්ධවීමට පෙර අදාළ වගකිවයුතු රජයේ බලධාරීන්ගෙන් තහවුරු කිරීමක් ලබා ගන්නා ලෙසත් "එජ් කෝඩ් ප්‍රෝ" සමග සම්බන්ධවීමේදී ඉතාමත් ප්‍රවේශම් සහගතවන ලෙසත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ඇය ප්‍රකාශ කළාය.

මෙම කාරණය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස සිය නීතිඥයින්ට උපදෙස් ලබාදී තිබෙන බවද ඇය පැවැසුවාය.

 



අදහස් (0)

ඔටාරාගෙන් නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site