
(රාස්සගල සමිපත් ප්‍රියනන්දන, සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි සහ ලසන්ත නිරෝෂණ)
බලන්ගොඩ ඓතිහාසික කූරගල කදුමුදුනේ ඉදිවෙන අඩි සියයක් පමණ උසකින් යුක්ත මහා සෑය සදහා මුල්ගල් තැබිමෙි පුණ්‍යොත්සවය මැදින් පොහෝදා වන අද (28) සවස සිදු කෙරිණි.
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඔරේ ධමිමරතන නායක ස්වාමින්වහන්සේ ඓතිහාසික කුරගල පුජා භුමියේ වත්මන් භාරකාරත්වය දරති.
කූරගල කදුමුදුනේ ඉපැරැණි දාගැබ කිසියම් පිරිසක් විනාශ කර දමා තිබු අතර එම දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කොටස් එක් කොට දර්ශනීය චෛත්‍යයක් ලෙස ඉදිකොට තිබෙි.
පුරා විද්‍යා සාක්ෂිවලට අනුව කූරගල භුමිය වසර 2200 ක් පමණ පැරණි බව වතුරකුඔරේ ධමිමරතන නාහිමියෝ පවසති.
කූරගල පින්බිමෙි ඉදිවන අඩි සියයකින් මහා සෑ රදුන් වහන්සේගේ නිමවුමි කටයුතු අවසන් කර ලබන වසරේ නිදහස් දිනය දා පෙබරවාරි (04) සසුනට පූජා කිරිමට බලාපොරොත්තු වන බව වතුරකුඔරේ ධමිමරතන නාහිමියෝ සඳහන් කරති.
කුරගල පුද බිමට අද මැදින් පොහෝදා සැදැහැවත්හු විශාල පිරිසක් එව සිටියහ.
අස්ගිරි පාර්ෂවයේ මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ,මැති ඇමතිවරු මෙම අවස්ථාවට එක් වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පළාත්වල අපේ හැඳුනුම්පත නැවත ඇතිකරන එක විශිෂ්ඨ ක්‍රියාවක්... ජයවේවා...!!!
තවත් ජාතියකගේ භෞමික අඛණ්ඩතාවය, සංහිඳියාව, ක්‍රමවේදයට හානිවෙන්න පුළුවන්.. දේශපාලනය කරන්න අපේ රටේ ඉහත වචන ටික ප්‍රමාණවත්..
මෙතන තිබුණේ වෙනත් ගම්මානයක්... නටබුන් එම ආගමේ සංකේත මිසක් ආක්‍රමණික ඉන්දියානු ජාතිකයන්ගේ පුදබිමක් නොවේලු.
සීනි ගෙනාපු, බැංකු කඩපු සල්ලිවලින් මේ වැඩේ කළොත් පවු සිදුවන්නේ නැහැ. ඔක්කොම මේ රටේ දුගී දුප්පත් ජනයාගේ මුදල් නිසා ජෙප්පන් නම් කියන්නේ මේවා ජාතිවාදී වැඩලු..
කුරගල පැරණි පුරාවිද්‍යාත්මක නටබුන් වලින් පිරුන ස්ථානයකි. එය යලි පිළිසකර කිරීමේදී බොහෝදේ පිළිබඳව සැලකිලිමත් විය යුතුවෙයි. මේ බිමේ ඕනෑම තැනක නව ඉදිකිරීමක් සිදුකරනවානම් එය කලයුත්තේ පරිපුර්ණ විද්යානුකුල පුරාවිද්‍යා ගවේෂණයකින් අනතුරුවය.වතුරකුඔරේ ධමිමරතන හිමියන් ජවසම්පන්න ක්‍රියාශීලී සංවිධානාත්මකව කටයුතු කිරීමෙහි අතිදක්ෂ ජනප්‍රිය ස්වාමීන්වහන්සේ නමකි. උන්වහන්සේ කුරගලට වැඩම කර ඇත්තේ පිරිසිදු බලාපොරොත්තු සහිතවය. උන්වහන්සේට මෙම ස්ථානය යලි සර්ව සම්පුර්ණ පුදබිමක් කිරීම සඳහා අවශ්‍ය අධිෂ්ඨානය සහ ශක්තිය ඇතිබව නොරහසකි. " කුරගල" කී විගසින් බොහෝදෙනෙකුගේ මනසෙහි මැවෙන දේශපාලනීකරණයට හසුවී ඇති වත්මන් ස්වරූපය දඩමීමා කරගෙන එමඟින් දේශපාලන වාසි ලබාගැනීමට බොහෝදෙනෙකු උත්කුස වනු නොඅනුමානය.