
(එෆ්.අස්ලම්)
ඒකීය රාජ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටට ශාපයක් බවත් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා වෙනුවට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ජාතික අවශ්‍යතාවක් බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
ඒකීය රාජ්‍ය සංකල්පය මත වන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව100 වරක් සංශෝධනය කළත් දෙමළ ජනතාවට කිසිදු සෙතක් ඉන් අත් නොවන බවද සිවාජිලිංගම් මහතා කියා සිටියේය.
19 වන සංශෝධනය අහෝසි කරමින් 20 වන සංශෝධනය ගෙන ඒම ඇතුළු කාලීන දේශපාලන තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවාජිලිංගම් මහතා අද(21) මේ බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මහතා මෙසේද කීය.
උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ වාර්ගික අර්බුදයට විසදුම් ලබාගැනීමට නම් රජය සමගින් හෝ රාජ්‍ය පාර්ශවය සමගින් දේශීය මට්ටමින් සාකච්ඡා කරල කිසිම වැඩක් නැහැ. දකුණේ කිසිදු සිංහල ආණ්ඩුවක් උතුරේ ජනතාවගේ අයිතිවාසිකම් දිනදීමට හෝ ඒ ජනතාවගේ ඉල්ලීම් ඉටුකරලීමට කටයුතු කළේ නැහැ.ඒ සියලු දෙනාම සිදුකරනු ලැබුවේ රැවටීම විතරයි.
මේ රටේ දෙමළ ජනතාවට ජාතික වශයෙන් නොවිසදුණු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇත්තේ ඒකීය රාජ්‍ය සංකල්පය මත ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසයි. ඒකීය රාජ්‍ය සංකල්පය කියන්නෙ රටට ශාපයක්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 20 පාරක් නෙවෙයි 100 පාරක් සංශෝධනය කළත් දෙමළ ජනතාවට ලැබෙන දෙයක් නැහැ.
ඒ වගේම 30 වසරක යුද්ධයක් රටේ පැවතියා.මේ යුද්ධයේදී ශ්‍රීලංකා හමුදාවේ 35,000 ක් එල්.ටී.ටී.ඊ යේ 55,000 ක් වගේම සාමාන්‍ය ජනතාවද ඇතුළු ලක්ෂ දෙකක පමණ පිරිසක් මිය ගියා.මේ යුද්ධයටත් මිනිස් ඝාතනවලටත් වගකියන්න ඕන ඒකීය රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කළ රටේ පාලකයින්.ඒ නිසා ඒ ශාපයෙන් මිදීමට නම් ඒකීය නොවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කළ යුතුයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100 පාරක් සංශෝධනය කළත් ඒකීය සංකල්පය පවතිනවා. කල්ලතෝනින්ට ඕන විදියට කිසිම රටක් ව්‍යවස්ථාව වෙනස් කරන්නේ නැහැ. ව්‍යවස්ථාවන් වෙනස්වන්නේ බහුතර මතය අනුවයි. බල්ලා හැරෙන්නේ බලුහිසට අනුව මිස බලුවලිගයට අවශ්‍ය විදියට නොවේ. නමුත් ඉඳහිට පිස්සු බල්ලන් අතට බලය ලැබුණු අවස්ථාවලදී ඔලුව නැතිච වැඩකිරීම නිසාවෙන්ම බලුවලිගයට අවශ්‍ය විදියට බල්ලා හැසිරවීමට හැකිවූ බවද කරුණාවෙන් සලකන්න.
ඒකීය රාජ්‍ය සංකල්පය නෙවෙයි... වාර්ගික, වාර්ගික කිය කියා උතුරේත්, නැගෙනහිරේත් ඉන්න මිනිස්සුන්ගේ මොලේ අවුල් කර කර තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකරගන්න හදන මේ අය තමයි මේ රටට තියෙන ලොකුම ශාපය... ඡන්ද ටික ගන්නකල් සද්දෙ වහලා හිටියා. දැන් ආයෙමත් පටන් අරන්...
ඒකීය රටක් කෑලිකෑලි වලට එක එක්කෙනාට ඕන විදියට කඩා බිඳ දමන්න පුලුවන්ද? ලංකා මාතාවගේ දරුවෙක්ද, නැතිනම් කල්ලතෝනියෙක්ද? කල්ලතෝනින්ට තමයි අපගේ මාතෘභූමිය සෑමවිටම කඩා බිඳ දමන්න උත්සාහ කරන්නේ...
මේ ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක යන්න දෙමළ සහෝදරයින්ට පුළුවන්.. සිංහල අය උදව් කරනවා මිසක් කිසිම වෙනසක් කරන්නේ නැහැ. බලන්න කොළඹ තියෙන සෑම තැනකම රැකියාව කරන දෙමළ පුරවැසියන්, යාපනයේ ඉන්න මිනිස්සුන්ට රුධිරය වුවමනා වුණාම අපේ සිංහල හමුදාව කොපමණ ප්‍රමාණයක් ලේ දීලා තියෙනවද? මහජනයා කොටවන්නේ නැතිව ඉන්නවද කරුණාකරලා..
මෙයා නුදුරේම උතුරේ වැසියන් විසින්ම පන්නා දමනු ඇති.
එක කෑල්ලක්වත් දෙන්නේ නැහැ නුඹලට... යන්න ඉන්දියාවට..
දෙමළ ඩයස්පෝරාවේ කඩේ යන මොවුන් වහා අත්අඩංගුවට ගත යුතුයි. ජාතිවාදය වපුරමින් එහි වැජඹෙන මොවුන් නිසා ඒකීය රටක් වශයෙන් අපිට ඉදිරියට යාමට අකුල් හෙළයි. බහුතරයක් සිංහලුන් සිටින මේ රටේ ඉන්න බොලාට බැරිනම් පලයව් දකුණු ඉන්දියාවට...
ඇයි ආයි කන්න ආසද?
ලංකාව අතීතයේ ඉඳන්ම නොබෙදුණු රටක්. ජනවර්ගය අනුව මේ රට කවදාවත් බෙදිලා තිබුනේ නැහැ. හැමදාම නොබෙදී තිබුණු රටක්. නොබෙදුණු, ඒකීය රටකට විරුද්ධ නම් ඉතින් අර අල්ලපු, බෙදුණු රට තියෙන්නේ. ඒ රටට සංක්‍රමණය වෙන්න තියෙන්නේ. කොහොමත් මුල තියෙන්නේ එහෙනේ.
බොලාට ඕනෑ විදිහට නටන්න අපි සූදානම් නැත. ඔය කියන ඕනෑම සංකල්පයක් තමිල් නාඩුවේ කරගෙන ඉන්න.
ලංකාව ඉන්දියාවට කිට්ටුව පිහිටීම තමයි ලොකුම සාපය...
මෙතෙක් කාලයක් ඔබලා මොනවද කළේ.. දෙමළ ජාතිය වෙනුවෙන්? කිසිම දෙයක් නොකළ නිසා තමයි මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වුණේ... දැන් කිඹුල් කඳුළු හෙළුවට වැඩක් නැහැ.
ඔය පරණ බයිලා ගහන්නේ නැතිව කොටින්ගේ රත්තරන් තියෙන තැන දන්නවා කිව්වා නම් ඔය කියන ඔක්කොම දේවල් ලැබේවි ඔඩොක්කුවටම...
ආක්‍රමණශීලීව ඇවිත් බින්න බැහැලා තව රටෙන් භාගයක් ඉල්ලනවද? ඉන්නවා නම් සහයෝගයෙන් ඉන්න පුළුවන්.. නැතිනම් ආපු තැනකට යන්න පුළුවන්..
ඔබතුමා කරුණාකර දෙමළ ජාතීන්ට පමණක් ආවේණික ප්‍රශ්න ටික කියන්න...
අනේ සිවාජි, ඉස්සා එහෙම කොහෙද දන්නේ නෑ...