IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඒකාබද්ද කාලසටහනට ලංගමයේ විරෝධය

(නිමල කොඩිතුවක්කු)

ලංගම හා පෞද්ගලික බස් රථ එකාබද්ධ කාලසටහන් ක්‍රමය වහාම අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංගම වෘත්තීය සමිති අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රි 12.00 සිට බස් රථ ධාවනයෙන් හා සේවයට වාර්තා කිරීමෙන් ඉවත්ව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එලැබීමට පියවර ගෙන තිබේ.

සමගි සේවක සංගමය, පොදුජන ප්‍රවාහන සේවක සමිතිය, ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය, ජාතික සේවක සංගමය, ලංකා ගමනාගමන සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති හතක් ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 



අදහස් (6)

ඒකාබද්ද කාලසටහනට ලංගමයේ විරෝධය

nirodha de silva Wednesday, 27 August 2025 07:14 PM

හදන්න බෑ අප්පා මේ අය නම්...

:       1       73

pakeer Wednesday, 27 August 2025 08:27 PM

ඇත්තටම මේක මහ මෝඩ වැඩක්... පුද්ගලික බස් කියන්නේ හරිම කාලකණ්ණි කොටසක්... ඒත් ලංගම තාමත් ඒක කරන්නේ සේවාවක් විදිහකට පිළිවෙළකට මිනිස්සු වගේ... මුලින්ම කරන්න ඕනේ පුද්ගලික අංශයේ... අයව ආයෙත් පාසල් යවන එක. මේකෙන් ජනතාව තවත් අමාරුවේ වැටෙයි.

:       22       34

Perakum Liyanagama Wednesday, 27 August 2025 10:16 PM

paneer ලංගම බස් කොට කොට යනවා දැකලා නැද්ද? දෙගොල්ලම එකයි කිසිම විනයක් නෑ... බස් හෝල්ට් ඇර අනිත් හැම තැනකම නවත්තනවා පොලිසිය අහක බලන් ඉන්නවා කවුරු හරි හොඳ වැඩක් කරන කොට ස්ට්‍රයික් කරනවා කාට කියන්නද? මට නම් හිතෙන්නේ ටික කාලෙකට හරි වැඩවර්ජන තහනම් කළයුතුයි කියලයි.

:       0       0

Rata Perata Thursday, 28 August 2025 11:45 AM

මේක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. ජනතාවට ලඟමද, පුද්ගලික ද වැඩක් නෑ. දෙකම එකතු කරලා එක බස් සේවයක් අවශ්‍යයි. පුද්ගලික බස් හඳුන්වා දීමේදී මේවා සැලකිල්ලට ගන්න තිබුණා. දැන්වත් මේවා කළ යුතුයි.

:       0       0

ගමේ එකාලා Thursday, 28 August 2025 01:22 PM

පුද්ගලික බස් කාරයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. කිසිම චාරයක් නැති අය.. ලන්ගමයෙන් හොද සේවයක් ජනතාවට ලබාදිය යුතූයි.

:       0       3

පිස්සු යකෙක් Thursday, 28 August 2025 05:08 PM

බෑ බෑ බෑ කියගත්තු ගමන් ඉන්න රටේ ලේසි නෑ වෙනසක් අත් හදා බලන්න වත්....හැබැයි මේ පාර ඔය එකෙක්වත් යටවෙන්නේ නැතුව කරන්න ඕනෑ දේ අම්මා මුත්තා එරෙහි වුනත් කරන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site