IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඒ.ටි.එම් යන්ත්‍රය කඩන්න ගිය දෙකක් අල්ලයි

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රාජගිරිය රෝයල් පාක් සුපිරි නිවාස සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට සවිකර ඇති,ඒ.ටී
එම්.  යන්ත්‍රය තියුණු ආයුධයක ආධාරයෙන් කැඩීමට උත්සාහ දැරූ දෙදෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය , බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයන් දෙදෙනා මුදල් ලබා ගන්නා මුවාවෙන් රාත්‍රී 12 පමණ ඒ.ටීඑම්.  යන්ත්‍රය අසලට පැමිණ ,අඩි 5ක් පමණ දිගින් යුත් , යකඩෙන් සැකසූ තියුණු ආයුධයකින් , යන්ත්‍රය කැඩීමට උත්සාහ දරා ඇතැයි පැවැසේ .

පැයක පමණ කාලයක් යන්ත්‍රය කැඩීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වීම නිසා දෙදෙනා ඉන් ඉවත්ව ගොස් තිබේ.

පසුදා උදෑසන එම ස්ථානයට පැමිණි පුද්ගලයකු මේ බව දැක , පොලිසියට කළ දැනුම් දීමකට අනුව , පොලිස් නිලධාරීන් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂාකොට සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශනයක් ආරම්භ කරන ලදී . ඒ අනුව එම ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ රූපරාමු වලින් හඳුනාගත් දෙදෙනකු රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .

 



අදහස් (1)

ඒ.ටි.එම් යන්ත්‍රය කඩන්න ගිය දෙකක් අල්ලයි

sharm warn Monday, 15 November 2021 02:26 PM

ගෙවල් බිඳින්නේ නැතුව මේවා කඩන්න හදන එකත් හොඳයි .ගෙවල් වල ඉන්න මිනිස්සුන්ව මරලා නේ පස්ස බලන්නේ .අනිත් එක මිනිස්සු ළඟ සල්ලිත් නැහැ නේ .මේවාට ආරක්ෂක කාමර තියන නිසා හෝරාව අල්ල ගන්න හරි පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site