
(සුජිත් හේවාජුලිගේ )
දෙහිවල සත්වෝද්‍යානය සඳහා වෙන් කෙරුණු පිළියන්දල ප්‍රදේශයේ අක්කර 72ක පමණ භූමි භාගයක එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීමට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දරන්නේ යැයි කියන උත්සාහයකට සත්වෝද්‍යාන වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සහ සත්වෝද්‍යාන සේවකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි වාර්තාවෙයි.
මේ අනුව මෙම ප්‍රශ්නය දුරදිග ගියහොත් රජයට යළිත් වෘත්තීය සමිති උද්ඝෝෂණයකට හෝ ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාට කරුණු පෙන්වාදී ඇත.
මේ සම්බන්ධයෙන් අගමැතිවරයාගේ මූලිකත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඉකුත් (13 )වැනිදා පවත්වා තිබූ අතර එය විසඳුමකින් තොරව අවසන්වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
එළිමහන් සත්වෝද්‍යානයක් අනිවාර්යෙන්ම එහි ඉදිකළ යුතුව බව ලොකුගේ මහතා එම රැස්වීමේදී අවධාරණය කර ඇත.
ලොකුගේ මහතා දරන්නේ යැයි කියන මෙම උත්සාහයට විරෝධය පළ කරමින් සත්වෝද්‍යාන සේවකයන් පෝස්ටර් ව්‍යාපාරයක්ද ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.
මෙම පිළියන්දල ඉඩම මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හිමිවූවකි. මෙහි දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් සඳහා රෝහලක් සහ සතුන්ට ආහාර නිෂ්පාදනය කරන නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට කාලයක සිට යෝජනාවී තිබිණ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෘත්තීය සමිති නියෝජිතයන් පවසන්නේ දෙහිවල සත්වෝද්‍යානය නුදුරු ස්ථානයක පවතිද්දී එළිමහන් සත්වෝද්‍යානයක් මෙලෙස ඉදිකිරීම අනවශ්‍ය මෙන්ම නිශ්ඵල ක්‍රියාවක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කර 72 ක අපනයන සඳහා කර්මාන්ත පුරයක් ඇතිකිරීමෙන් රටට විදේශ විනිමය සමග රැකියා දහස් ගණනක් ඇතිකළ හැකියි. එසේ නොකර සත්තු වත්තක් හදන්නේ 69 ලක්ෂයේ සතුන්ගේ නිවාස අවශ්‍යතාව සදහාද?... කියලා හිතෙනවා
දෙහිවල සත්තු හිරවෙලා ඉන්නේ මොකා කෙරුවත් හොද වැඩක් .මේ කෑ ගහන අයට එතකොට අලින්ගේ වලිගෙ කෙදි ,කොටින්ගේ දත්, ගලවල ඒ බිස්නස් එක කරන්න බැරි වෙනවනේ.ඔය කෑ ගහන උන්ව දවසක් දෙකක් කුඩුවට දැම්මනම් හොදයි කියල මට හිතෙන්නේ .
දඩබ්බර නූගත් දේශපාලකයන් පුණරුත්තාපනය කරන්නත් එළිමහන් සත්තු වත්තේ ඉඩ ටිකක් වෙන් කරන්න පුළුවන් උනොත් හොඳයි.ලොකුගේ කියන්නේ කවදත් දඩබ්බර වැඩ කරපු දේශපාලකයෙක්.
අදාල අංශය පිළිබඳව දැනුමක් ඇති අයගේ අදහස් පිළිනොගෙන මෙලෝ හසරක් නොදන්නා දේශපාලකයින් කරන වැඩ නිසා රටත් විනාශ මුඛයට යනවා...
මෙහෙමත් හරක් මොළ තියෙන අය තමයි මේ රට බාරගෙන තියෙන්නේ.. මිනිසුන්ගේ තත්ත්වය සත්තුන්ගේ තත්ත්වයට දාලා...
දියවන්නා සත්වෝද්‍යානය තියෙද්දි තව එකක් මොකටද කියලා හිතුනා.
රටේ අභයභූමි තියෙද්දී එළිමහන් සතුන් වත්තක් කුමටද ?
රටට අවශ්‍ය වැඩක් කරන්න... මහජන මුදල් මෙහෙම නාස්ති නොකර...
පාර්ලිමේන්තුවේ ඉන්න අය දාන්න වෙන්න ඇති...
ඔක්කොටම වැරදිලා. තව ටික දවසකින් ඇමැතිකමින් පන්නපුවාම ගෙදරිනුත් පන්නලා දමයි. එතකොට මෑන්ස්ට ඉන්න තැනක් තමයි ඔය හදාගන්න හදන්නේ. සප් එකක් දෙන්න ඔක්කෝමලා...
මෙයා කූඩුවකට දාලා එළිමහනේ තියන්නේ...
අභයභූමි ටිකත් බහුජාතික සමාගම්වලට 99 අවුරුදු බදු පදනමක් යටතේ බදු දෙන්න හදනවද?
දියවන්නාවේ ඉන්න සත්තු ටික ගාල් කරන්න නම් හොඳයි. තණකොළ වවලා, පුන්නක්කු හදන්නත් තැනක් තිබුණොත් වැඩිය හොඳයි.
ඔය සත්තු වත්තට එම්.ඕ.එච් සත්තු වත්ත කියලා නම දාමු. එහි ප්‍රධාන කුටියක් එම්.ඕ.එච් ලොක්කාගේ නිවහන ලෙස ලෑස්ති කරමු. එතකොට ඒ සත්තු වත්ත බලන්න එන ළමයි ඒක බලලා කියාවි අන්න පිළියන්දල එකම සත්තු වත්තක් කරපු සහ කෝවිඩ් පාලනය කරන හැටි සෞඛ්‍ය බලධාරින්ට කියා දීපු පරන පොර කියලා. කාටද එතකොට ආඩම්බර..?
රටේ සිදුවන්නේ කුමක්ද; පාලනය කිරීමට පාලකයෙක් නැද්ද?
අහිංසක සත්තුන්ට නිදැල්ලේ සිටිය හැකි ඒවගේ අදහසක් ඉතාම කාලෝචිතයි . ලෝකයේ බොහෝ රටවල එහෙමයි. Zoo එකේ සේවකයන්ගේ, සතුන් සම්බන්ධව තියෙන හැගීම ගැන කණගාටුයි. සතුන් කූඩුවල සිරකර නොතැබිය යුතුයි.