(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් දෙදෙනෙක් පැනගොස් ඇති බවට එම සිරකඳවුරේ බලධාරීන් විසින් දැනුම්දීමක් කර ඇති බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි.
සොරකමක් සම්බන්‍ධයෙන් මාතර අධිකරණයෙන් සිර දඬුවම් නියම වී එම දඬුවම විඳිමින් සිටි විසිඅට හැවිරිදි තරුණයකු පැනගිය එක් අයෙක් බව ද පොලීසිය පැවසුවේය.
මත්කුඩු මිලිග්‍රෑම් 30ක් ළඟ තබාගැනීමේ වරදට කොළඹ අධිකරණයෙන් නියම වූ රුපියල් හය දහසක දඩය ගෙවා ගැනීමට නොහැකිව සිරදඬුවම් නියම වූ තිස් හය හැවිරිදි තැනැත්තකු පැනගිය දෙවැනියාය.
නිරෝධායන ඇඳිරිනීතිය පැවති අවස්ථාවේ මොවුන් පැනගොස් ඇති නිසා පොදු ප්‍රවාහන සේවා මගින් යාමට මොවුන්ට පහසුකම් නොවු බව ද පොලීසිය සඳහන් කළේය. එම නිසා සැකකරුවන් අත්අඩංගුංවට ගැනීමට විමර්ශන අරඹා ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd