
බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා වන පිල්ප් කුමරු අභාවප්‍රාප්ත විය. පිලිප් කුමරුන්ගේ වයස අවුරුදු 99 කි.
දෙවැනි එලිසබත් මහ රැජිනගේ සැමියා මෙන්ම එඩින්බරෝ ආදිපාදවරයා ද වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කළේ බකිංහැම් මාලිගයයි.
පිලිප් කුමරු පසුගිය කාලයේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.
කෙසේ නමුත්, අභාවප්‍රාප්ත වන අවස්ථාවේදී පිලිප් කුමරු වින්ඩ්සොර් මාලිගයේ සිටි බව පැවැසෙයි. පිලිප් කුමරුන්ගේ අභාවය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් රැසක් සොව පළ කරමින් පණිවුඩ නිකුත් කර තිබේ.
අභාවය සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරියේ දී දැනුම් දෙන බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වී ඇත.
(බී.බී.සී. ඇසුරිනි)


ඡායාරූප ප්‍රංශ පුවත් සේවය ඇසුරෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවනින්ම සැනසිම ලැබේවා අපගේ ශ්‍රේෂ්ඨ කුමරුනි...
ලංකාවේ අපේ නායකයෝ කී දෙනෙක් විතර ඒවිද දන්නේ නැහැ අවමගුලට...
ශ්‍රී ලාංකික ජන හදවත් දිනූ අමරණිය කුමරුට නිවන් සැප ලැබේවා...!!! ඔබගේ අමරණීය ශ්‍රී විභූතිය සදා අප හදතුළ විරාජමානව පවතිනු ඇත..
අපගේ රටට, ජනතාවට හිතවත් ඔබතුමා සමාදානයේ සැතපේවා...
අර අත්වැසුම් නැතිව අතට අත දුන්නු වෙලේ මෙතුමා එතන උන්නේ නැතිද? උන්නා නම් ඒ පින්තූරයකුත් දාන්නකෝ...?
සමාදානයේ සැතපේවා.
මේ කමෙන්ට් දිහා බලපුවාම ලංකාවේ කොච්චර පිස්සෝ ඉන්නවාද කියලා හිතාගන්න පුළුවන්