(ඉන්දිකා රාමනායක)
තොටළග එල්ලේ කණ්ඩායමේ නායකයා ගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියට සැකකාර ලුතිනන් කර්නල්වරයා සම්බන්ධ බවත් ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙන ලෙසට පොලිසිය යුද හමුදාවෙන් කළ ඉල්ලීමකට අනුව යුද හමුදා පොලිසිය සැකකාර ලුතිනන් කර්නල්වරයා අද පස්වරුවේ පොලිසිය වෙත භාර දීමෙන් පසුව අත්අඩංගුවට ලැබු බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තොටලග එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කරමින් සිටී රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි (36) නැමැති තිදරු පියෙකි.
ක්‍රීඩකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ වූ සමිට්පුර හිටපු ග්‍රාම නිලධාරිනිය සහ මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටී සෙබළුන් 13 දෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.