
(බන්දු තඹවිට)
කොරෝනා එන්නත දීමට පෙර පිරවිය යුතු පෝරමය මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකක් රුපියල් 20 කට අලෙවි කිරීමේ පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වෙන් වෙන් වශයෙන් ග්‍රාමනිලධාරී වසම් වල පදිංචිකරුවන්ට සහ රාජ්‍ය ආයතන වල කාර්යමණ්ඩල වලට තද බදයකින් තොරව එන්නත ලබාගැනීමට හැකිවන පරිදි සෞඛ්‍ය අංශ කටයුතු සංවිධානය කර තිබුණි.
ඊට අවශ්‍ය කලින් පිරවිය යුතු පෝරම ද අවශ්‍ය ප්‍රමාණයට බොදා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
නමුත් බලාපොරොත්තු නොවූ ආකාරයට විශාල පිරිසක් එන්නත ලබාගැනීමට පැමිණීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම එන්නත ලබාගැනීමට පැමිණි ජනතාවද විශාල අපහසුතාවයට පත්ව තිබූ අතර ඔවුනට මහත් සැකයක් ඇති විය.
සෞඛ්‍ය කාර්යාලයෙන් ලබා දෙන පෝරමවලට වඩා විශාල පිරිසක් එන්නත් කර ගැනීමට පැමිණීම ඔවුනට දැඩි ගැටළුවක් විය මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව සොයා බැලූ පොලිසියට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ලබාදෙන තොරතුරු සටහන් පෝරම මතුගම අලුත්ගම පාරේ පිහිටි කොමිනිකේෂන් ආයතන දෙකකින් පිටපත් කර රුපියල් 20 ක මිලකට අලෙවිකර ඇති බවට හෙළි වී ඇත.
අනතුරුව එම ව්‍යාපාරිකයන්ට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතා විසින් නැවත මෙවැනි දේ නොකරන ලෙසටත් නැවත එවැනි දෙයක් සිදුකළහොත් නීතියෙන් කටයුතු කරන බවටත් තරයේ අවවාද කළ බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවකයින් වැඩකරන්නේ ගෙවල්වල..., ඔවුන්ට ඉන්ජෙක්ෂන් දෙන්න තිබුණු උනන්දුව පුද්ගලික අංශයේ සේවකයින්ට දෙන්න තිබ්බේ නැහැ. කොළඹ අවට වැඩකරන, හැමදාම වැඩට එන 99%කට වඩා පුද්ගලික අංශයේ සේවකයින්ට තවම කෝවිඩ් එන්නත නැහැ.