(ඉන්දිකා රාමනායක)
ඇස්ට්‍රා සෙනිකා එන්නතට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කොට ජනතාවට එන්නත් කරන බවට සමාජ මාධ්‍යවල වීඩියෝවක් මගින් අසත්‍ය ප්‍රකාශ සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් කණ්ඩායමක් ඊයේ (25)රාත්‍රියේ ඔහුගේ පිලියන්දල නිවසට ගොස් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අසේල සම්පත් විසින් සිදුකළ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් දැඩි දඬුවම් දිය යුතුයි. මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් මොවුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? මිනිස්සු අතර එන්නත් ගැන වැරදි චිත්‍රයක්.., මවලා මේ රටේ තව මිනීගොඩ ගැහෙනවා බලන්න නේද? මේ රටේ මිනිස්සුන්ට තමන් කියන, කරන දේ පිළිබඳ වගකීමක් තිබිය යුතුයි. එහෙම නැතුව කටට එන දේ දේශපාලනික වාසිගන්න බලාගෙන කියවන මොවුන්ට අනිවාර්යයෙන් සිර දඬුවම් දෙන්න ඕනේ...
අධි තක්සේරුවෙන් සිටින අයට අවශ්‍ය ප්‍රසිද්ධිය පමණි .
එයා කියපු අනිත් ඔක්කොම ඒවා ඇත්ත..., මේක විතරක් බොරුවක්....
බොහෝ ආපන ශාලාවල ආප්ප පිටි වලට ප්ලාස්ටර් ඔෆ් පැරිස් කුඩු මිශ්‍ර කරන බවද ප්‍රසිද්ධ රහසකි.
කොහොමද බටහිර බොහෙත්වලට තියන තැන..? අපේ දේශීය බෙහෙත්වලට බණිනවා.. කෝ ඒවාට ඇක්ෂන්..?
කට හින්දනේ මාලුවා නහින්නේ...!!!
මේ මනුස්සයා හිතාගෙන ඉන්නේ කැන්ටිමේ පරිප්පු හොද්ද ඉවර වෙනකොට උණුවතුර වක්කරනවා වගේ ඇති කියලා වැක්සීන් හැදිල්ල... ඒක මේ මනුස්සයාගේ අධ්‍යාපන මට්ටම. බැනලා වැඩක් නෑ. එහෙම කුප්පි කඩලා බාල්දියකට දාලා වතුර මිශ්‍ර කරලා ගන්න කෝඩියල් කියලා හිතන්න ඇති....
මෙතුමා සෑහෙන කාලෙක ඉඳලා ලකලැහැස්ති වුණා බෝගම්බර අාපනශාලාවේ කෑම පරීක්ෂා කරන්න.
යූ ටියුබ් හා ෆේස් බුක් කියන මාධ්‍ය දියුණු රටවල රටේ ජනතාවගේ ප්‍රයෝජනයට යොදාගන්නා ප්‍රබල මාධ්‍යයන් දෙකක්. ඒත්, මේ රටේ මිනිසුන් විසින් එය රටේ ජනතාවගේ ප්‍රයෝජනයට හරිහැටි යොදාගන්නා බවක් නොපෙනේ. මෙහි බොරු, වංචා, අමුඅමුවේ කියන නුසුදුසු කතා හා භාෂාව නිසා, රටේ හැදියාවට සංස්කෘතියට වනුයේ සුළුපටු හානියක් නොවේ. සමහර අවස්ථාවන්හිදී දේශපාලකයින්ගේ හොර මැරකම් එළිවීම් හොඳ දෙයක් වුවද, ඔප්පුකළ නොහැකි දේ පළකිරීමෙන් තමන්ද අමාරුවේ වැටී, අදාළ සමාජ මාධ්‍යයන්ද පිරිහී යන මට්ටමට පත්වේ...
කපිල, කැන්ටින් හොද්ද හදපු අම්මයි, තාත්තයි හින්දා තමයි ඔහේව ඔතනට එන්න ඇත්තේ. දැන් මුල අමතක වෙලා, බටහිර බෙහෙත් විකුණලා.... කැන්ටිමේ කෙනාගේ මොලේ තමුන්ලාට තිබුණා නම් අද රටට මෙහෙම වෙන්නේ නෑ..
කෙනෙකු වැරැදි දෙයක් ප්‍රකාශ කළා නම් කළ යුත්තේ එය නිවැරදි බව ප්‍රතිපාර්ශවය විසින් නිවේදනය කිරීම පමණයි. දැන් බොරු ප්‍රවෘත්ති දාලා පසුව නිවැරදි කරන අවස්ථා කොච්චර තියනවද? ඇත්තටම මෙතන තියෙන්නෙ ඒක නෙවෙයි. ආණ්ඩුවට තර්ජනයක් වෙන අයගේ කටවල් වහන්නයි ඒ ගොල්ලන්ට ඕනෑ. මේක මර්දනයක්. භාග්‍යා දියණියට කරන්න හැදුවෙත් ඕකමයි. අනාගතයේදී සමාජ මාධ්‍ය ජාලා මර්දනය කරනවා සහතිකයි. ඒත් සටන්කාමීන් අලුතෙන් බිහිවෙන එක වළක්වන්න මේ හිට්ලර්වාදී ආණ්ඩුවට බෑ...!
පැහැරගෙන ගියා කියලා දාපල්ලා.. එයාගේ ළමයාටත් ගහලා ෆෝන් එකත් උදුරාගෙන හැඳුනුම්පත් පෙන්නන්නේ නැතුව ගෙනිහිල්ලා..