
(අතුල බණ්ඩාර සහ උපුල් හේරත්)
අනුරාධපුර, පණ්ඩුලගම ඇඟලුම් කම්හලක සේවක, සේවිකාවන්ට සිනොපාම් එන්නත ලබාදීමෙන් පසු සේවිකාවන් පිරිසකට ආසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් දහසකට ආසන්න පිරිසකට එන්නත් ලබා දී ඇත. ඒ අතරින් හතළිහකට ආසන්න පිරිසකට වමනය සහ කැරකැවිල්ලක් ඇති වීම නිසා එම පිරිස රෝහල්ගත කර ඇත.
එන්නත ලබාගත් සේවක සේවිකාවන් පැය කිහිපයක් විවේකීව සිටිය යුතු වුවත් , ඔවුන් දිගටම සේවය කිරීමත් ආයතන පරිශ්‍රය වායු සමනය කර නොතිබීමත් නිසා මෙම පිරිසට වමනය හා ක්ලාන්තය හටගෙන තිබු බවයි.
ඒ සියලු දෙනා සඳහා ඇඟලුම් කම්හලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉඩ ප්‍රමාණවත්නොවීම නිසා ඉන් කොටසක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවූ බව කී එම නිලධාරියා , මේ ආසාත්මිකතාවට එන්නතේ බලපෑමකින් නොවන බව කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය වග කිව යුතුයි. අද මේ කර්මාන්ත ශාලා වල අරමුණ වී ඇත්තේ මිනිසුන් මරා හෝ වැඩ ගැනීමයි...
එන්නත් කියලා මොනවා විදීද සැකයි.
මේ එන්නත් ගත්තට පසු දවසක් හරි විවේකීව සිටිය යුතුයි.
එන්නත ගත්තත් ප්‍රතිදේහ නිපදවීම සඳහා වැඩි කාලයක් ගතවෙනවා. ක්ෂණික නුඩ්ල්ස් වගේ නෑ. ඉතින් මෙවැනි ප්‍රවෘත්ති පළකිරීම තුළින් වෙන්නේ එනන්ත ගැන පැහැදීම අඩු වෙන එක... නැති බැරිකම නිසා එන්නතට ඇති ඉල්ලුම අඩු වෙන එක වෙලාවේ හැටියට හොඳ ඇති. බොහෝ තැන්වල කිසිවැඩක් නැති පැණිය ගැනත් මීට වඩා ප්‍රශංසා මුඛයෙන් කතාකරනවා මං දැකලා තියෙනවා...
ඇඟලුම් කර්මාන්තය විනාශ කළේ කර්මාන්ත කරුවාමයි. මේ ළමයින්ට අපි කොයිතරම් ණය ගැතිද? කොයිතරම් ඉහළින් සලකන්න ඕනෑද? රටට විදේශ විනිමය ගේන්නේ මේ අය.. ඉතින් එයාලාට පැය කීපයක විවේකයක්වත් නෑ කියන්නේ කොයිතරම් අසාධාරණයිද?
එන්නත ලබාදීමෙන් පසු මේ සේවිකාවන්ට නිවාඩු ලබා දිය යුතුව තිබුණා. ඒත්, එසේ කොට නැහැ. කෝ කම්කරු අයිතීන්... කෝ මේ කම්කරු දෙපාර්තමේන්තු බලධාරීන් හා නිලධාරීන්... මේ අසාධාරණය පත්තරෙන් හෝ දුටුවේ නැතිද?
මේක තනිකර බොරුවක්