(සුජිත් හේවාජුලිගේ )

වර්ග පහකට අයත් එන්නත් මාත්‍රා කෝටි තුනක් මෙරටට මෙතෙක් ලැබී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

තවත් එන්නත් මාත්‍රා තොග මෙරටට ඉදිරි දිනවල ලැබීමට නියමිතව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

මේ රටට මේ දක්වා ලැබී ඇති එන්නත් වර්ග වන්නේ ෆයිසර්, ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික්, මොඩර්නා සහ සයිනොපාම්ය.