
(මොහොමඞ් බුහාර්ඩීන්)
ගලේවෙල නගරයේ සතිපොළ භුමියේ තාවකාලිකව නවාතැන් ගෙන සිටි, සිය ජීවිකාව සඳහා ගමින් ගම යමින් එදිනෙදා වියදම උපයාගන්නා පිරිසක් පිරිසකට අයත් බොලේරෝ වර්ගයේ රථයක් ගිනිතබා විනාශකර තිබේ. බහින් බස්විමක් දුරදිගයාමෙන් ඇතිවූ මෙම ගැටුමට පසුව බොලේරෝ රථයට ගිනිතබා විනාශකළේ යැයි කියන ගලේවෙල ප්‍රදේශිය සභාවේ කම්කරුවන් තිදෙනෙකු අද( 12) සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිට ගමින් ගමට යමින් ස්වයං රැකියාවල නිරතවෙමින් ජිවත් වන අතර පසුගිය 10 වැනිදා ගලේවෙල සතිපොළ භුමියට පැමිණ ඇත්තේ එහි තාවකාලික ලෙස නවාතැන් ගැනිමටය.
සැමියා බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ හඳුන්කුරු විකුණා සිය ජිවිකාව කරගෙන යන මෙම පිරිසට අයත් බොලේරෝ වර්ගයේ රථයද සතිපොලේ ගාල්කර ඒ අසළ නිදාසිටියදි ගලේවෙල ප්‍රදේශිය සභාවේ කම්කරුවන් තිදෙනෙකු මත්පැන් බීමට එම ස්ථානයට පැමිණ තිබේ.
එහිදි දෙපාර්ශවය අතර ඇතිවු බහින් බස් විමකින් අනතුරුව ජිප් රථයේ විදුරුවකට සැකකාර සේවකයින් ගල්ගසා ඇති බවත් මේ පිළිබදව නගරවාසින්ට දැනුම් දිමට යන අතරතුරදි සිය කැබ් රථයට ගිනිතබා විනාශකර සැකකරුවන් පිරිස පළාගිය බවත් රථයේ හිමිකාරිනිය වන 40 හැවිරිදි කාන්තාව ගලේවෙල පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.
සිද්ධියට සම්බන්ධයැයි සැකකෙරෙන ගලේවෙල ප්‍රදේශිය සභාවේ කම්කරුවන් තිදෙනෙකු අද (12 දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධියෙන් රථය හා එහි තුළ තිබූ රු 70, 000 පමණ වු තවත් භාණ්ඩද ගිනිගෙන විනාශ වි ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙළි වී ඇත.
සැකකරුවන් දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව ඉතාමත් දියුණු තත්වයක තිබෙන රටක්නේ... අහිකුණ්ඨිකයින්ටත් ජීප් තියෙන එකනේ...
මටත් අහිකුණ්ඨිකයෙක් වෙන්න ඕනේ...
ගිනි තියපු මිනිස්සුයි, කමෙන්ට් දාපු අය තමයි අහිකුණ්ඨිකයෝ. එම මිනිස්සු කාටවත් අත නොපා ව්‍යාපාරයක් කරගෙන ජීවත් වෙලා තියෙනවා.
නිව්ස් එකේ ඇත්ත නැත්ත මොක හරි මේක ජීප් එකක්ද ට්‍රක් එකක් ද? මේවා සිංගල් කැබ් ට්‍රක්, ලංකාවේ තියෙන ලාබම වෙළෙඳ වාහනයක්, අහිංසක මිනිස්සු මේවා ගන්නේ පවුලේ ගමන් යන්න, පොඩි පොඩි බිස්නස් කරන්න, එ්කත් ගන්නේ ලීසිං කරලා...
මේ මිනිස්සු ස්ථිර පදිංචියක් වත් නැතිව කාටවත් අත නොපා රජයෙන් යැපෙන්නෙත් නැතිව සාර්ථක වූ පිරිසක්... දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාරිකයෙක්.. මොන අපරාධයක්ද මේ කළේ?
බීමත්කම සහ කාලකණ්ණිකම දෙකම එකක් බව මේ සිද්ධියෙන් පෙනී යයි. මේ නරුමයින් තිදෙනා සිරගත කළත්, දැන් අර අහිංසක පවුල ජීවත් වෙන්නේ කෙසේද?
ඕවා බලන්න ඔය ප්‍රදේශයට තාත්තයි, පුතයි දෙන්නෙක්ම පත්වෙලා ඉන්නවනේ.