(ටී.කේ.ජී.කපිල)

මෙරට තරුණයන්ට ජපානයේ ජපන් රැකියා සඳහා පුහුණු කිරීමට ජපානයේ විශේෂ දූත පරිසක් ලංකාවට පැමිණියහ.

ආහාර නිෂ්පාදන පිළිබඳව නොමිලේ පාඨමාලාවක පුහුණුව ලබා දීමෙන් අනතුරුව, ලොව පුරා රටවල් වෙත රැකියා සදහා යොමු කිරීමේ වැඩසටහනක් මෙමගින් ක්‍රියාත්මක වෙයි.

ඔවුන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාගේ මැදිහත් වීම සහ ජපානයේ වැඩ වාසය කරන ආචාර්ය සුදුහුම්පොළ විමලසාර හිමියන්ගේ සම්බන්ධීකරණය සහ අනුග්‍රාහක දායකත්වය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ .

දැනටමත් මෙම වැඩසටහන සදහා කොළඹ , කුරුණෑගල , ගාල්ල සහ රත්නපුර යන ප්‍රදේශ වල ශ්‍රී ලාංකික තරුණයන් පිරිසක් මෙම නොමිලේ පවත්වනු ලබන පාඨමාලාව සදහා පුහුණු වීම් වල නිරත වී සිටිති .

මෙසේ ශ්‍රී ලංකාවට පැමිණි ජපාන දූත පිරිස , මෙම පුහුණු මධ්‍යස්ථාන , ඔවුන් ශ්‍රී ලංකාවේ ගත කරන දින 06 ක කාළය තුළ , අධීක්ෂණය කිරීමට නියමිතය .

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම පුහුණු මධ්‍යස්ථාන තුළින් තරග විභාගයක් පවත්වා , එයින් තෝරා ගත් ශ්‍රී ලාංකික සිසුන් , ඉන් අනතුරුව ජපානයේ නොමිලේ පැවැත්වෙන අවුරුදු 05 ක පාඨමාලාව සදහා යොමු කිරීමට නියමිතය .