(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකුගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි
සැකකරු සන්තකේ තිබියදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 6 මිලි ගෑම් 400 ක්, ජීව අත්බෝම්භයක් සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පොලිසිය මඟින් සොයාගෙන ඇත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව වැල්ලම්පිටියේ සේදවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සේදවත්ත නව කැලණි පාලම අසල සඟවා තිබූ බෝම්බය සහ ගිනි අවිය සොයාගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරු ඉකුත් මාර්තු මාසයේදී වෙනත් නමකින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ඩුබායි රාජ්‍ය වෙත ගොස් මෙම මස 11 දින මෙරටට පැමිණි ඇති පුද්ගලයකු බව විමර්ශනවලදී අනාවරණය විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd