
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය නව ඩිජිටල් යුගයකට පා තබන විශේෂ ඩිජිටල් දියත් කිරීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී බදාදා (4) සිදු කෙරෙයි.
මෙහිදී ශ්‍රී ලංකාව පුරා සියලුම මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි ඩිජිටල් පාලක සම්බන්ධීකාරකවරුන් (Digital Ward Coordinators) පත් කිරීම නිල වශයෙන් ආරම්භ කරනු ලබයි. මූලිකව පාලක සම්බන්ධීකරණ නිලධාරීන් දහසක් මෙදින පත් කෙරෙයි.
එමගින් පක්ෂ සංවිධාන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ ජනතාවට සමීප වීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඊට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ නව යු.එන්.පී ජංගම යෙදුම (UNP App) ඉදිරියේදී නිල වශයෙන් හඳුන්වා දෙනු ඇත. මෙම යෙදුම මගින් පක්ෂ සාමාජිකයන්ට, සංවිධායකයන්ට සහ ජනතාවට තොරතුරු හුවමාරු, දැනුවත් කිරීම සහ සම්බන්ධතා වර්ධනය කිරීම සඳහා නව ඩිජිටල් වේදිකාවක් සපයනු ඇතැයි හරීන් ප්‍රනාන්දු මහතා කීය.
මෙම ඩිජිටල් දියත් කිරීමේ තවත් වැදගත් අංගයක් ලෙස, සිරිකොත පක්ෂ මුලස්ථානයේ ස්ටාර් ලින්ක් අධිවේගී අන්තර්ජාල පහසුකම නිල වශයෙන් ආරම්භ කිරීමද සිදු කෙරේ. එය පක්ෂයේ ඩිජිටල් සන්නිවේදන හැකියාවන් වඩාත් ශක්තිමත් කරනු ඇතැයි හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ජනතාවට සමීප, නවෝත්පාදන සහ තාක්ෂණය භාවිතා කරන දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම එක්සත් ජාතික පක්ෂයේ මූලික අරමුණ වන අතර මෙම ඩිජිටල් දියත් කිරීම ඒ සඳහා වැදගත් පියවරක් බව හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd