(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබල සංධානයක් ලෙස විපක්ෂය ඒකරාශී කිරීමට කටයුතු කර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඊට එක්සත් ජාතික පක්ෂයට ද ඒ සඳහා දායකත්වය ලබාදිය හැකි බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දංඕවිටදී අද පැවසීය.
තිස්ස අත්තනායක මහතා මේ අදහස් පළ කළේ අමරපුර මහා නිකායේ චූල ගන්ධි පාර්ශ්වයේ අනු නායක රදාවඩුන්නේ අස්සජි නා හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි .
සමගි ජන බලවේගය විහාරස්ථාන සමඟ ගනුදෙනු කරන්නේ කිසිවකු අනුකරණය කිරීමට නොවේ. අපේ රටේ කිසිවකුට පන්සල පල්ලිය කෝවිල අමතක කර ගමනක් යා නොහැකියි.
සමගි ජන බලවේගය සදහම් යාත්‍රා වැඩපිළිවෙළ ක්‍රියාත්මක තියෙන්නෙත් ඒ අනුවයි. අපේ ගමන පන්සල පල්ලිය කෝවිල ආදී සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගෙන ගමනක් යමින් සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂය විසින් අසමගි වූ සියලුම දෙනාට සමාව දෙනු ඇත . පසුව විපක්ෂ මන්ත්‍රීවරුන් අති බහුතරයක් එම පක්ෂය හා බැඳේෙ
හොඳ අදහසක්.හැබැයි සන්ධානයේ නායකත්වය සජිත්ට පමණයි.
අනෙ ඉතිං අපිට ආදරේටනෙ නේද...
දැනට ඉනන නායකයා හොද නැදද
අපේක්ෂකත්වය පාඨලීට දිය යුතුය .
මේ මනුස්සය යන පැත්ත පරදිනවා.
පළමු වෙන්ම සජිත්ලා මෙයාව පක්ෂයට ගත්ත එක සහ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්ත එකත් ලොකු වැරැද්දක්.ෙ
ඡන්දෙ තියන්න සල්ලි නාස්ති කරන්නේ මොකටද... මේයා ඉන්න පැත්ත බලලා අනිත් පැත්තට ජය දුන්නම ඉවරයි
ඇවිත් රට හදන්නද? මිනිස්සු ආණ්ඩුවට බැන්නට මේ පාර නම් ඔහෙලා දෙගොල්ලම වල්පල්ලට යවන එක ෂුවර්...මොකද මේ අවුරුදු 6 ඇතුලේ දෙගොල්ලගේම කෙරුවල් දැක්කා මිනිස්සු..මිනිස්සු හැමදාම රැවැට්ටුවා...
මේ වගේ අය අලුතින් හැදු පක්ෂයෙත් විනාස කරල තමයි නවතින්නෙ
ඔබතුමා සෞඛ්‍ය ඇමැති වශයෙන් මහින්ද රජයේ සති 02ක් ඉන්න ලැබුණේ.. ඔබතුමා යන තැන පරාදයි.