(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උත්සවය කොළඹ නගර ශාලාව පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්ෂවල එකමුතුවෙන් පුළුල් පෙරමුණක් ලෙස මෙවර මැයි දින සැමරුම අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට තීරණය කළ බවද මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් නියෝජනය කරමින් කොළඹට එන ජනතාව මාර්ග හතරක් ඔස්සේ කොළඹ නගර ශාලාව පරිශ්‍රයට රැස්වීමෙන් අනතුරුව ජනහමුවක් පැවැත්වීමට නියමිත ඇතැයිද මහ ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාට ආරාධනා.
ගෝල්ෆේස් එකේ තියන්න බැරිද ?
ගෝල් ෆෙස් පුර වන්න කතාවනම් ,, දැන් පෙනේ විදිහට පොඩි පිට්ටනියක්වත් පුරවගන්න බෑ වගේ මේ අයට.....
කොළඹ තියෙන ලොකුම පිට්ටනිය ඒකද....? දන්න කෙනෙක් කියනවද?
ඕකත් කවදා හරි ත්‍රීවීලර් පක්ශයක් වෙනවා රනිල් එක්කම නිකන් වමේ පක්ශ වගේ
කෝලිත,....කොළඹ නගර ශාලාව පරිශ්‍රය ඉඩකඩ මදිවුනොත් ඉදිරියෙන් තියෙන විහාර මහා දේවි උද්‍යානයේත් කට්ටියට ඉන්න පුළුවන්නේ. හේතුව ඒක වෙන්නැති. නැත්නම් ගාලු මුවදොර ලොකුයි.