(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නිර්දේශ සැකසීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් පත්කර තිබෙි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උපනායක අකිල විරාජ් කාරියවසම්, උප සභාපති සාගල රත්නායක යන මහත්වරු එම කමිටුවේ සාමාජිකයෝ වෙති.
මෙම කමිටුවට පවරා ඇති වගකීම් අතර නව ජනතා සංසද සකස් කිරීම සඳහා තොරතුරු රැස්කිරීම, ඡන්ද කොට්ඨාශ මට්ටමින් අවමය 50 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීම, දිස්ත්‍රික් කළමණාකාරවරු ලෙස පත්කළ හැකි පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම, සෑම ඡන්ද කොට්ඨාශයක් සඳහාම නීතී ලේකම්, මාර්ගගත කටයුතු බාර ලේකම් (Online Scratary), ප්‍රචාරක ලේකම්, පුහුණු කිරීමේ කටයුතු බාර ලේකම් යන තනතුරු සඳහා සුදුසු පාක්ෂිකයන් හඳුනාගැනීම ඇතුළු කාර්යභාරයන් රැසක් කමිටුවට පැවරී තිබේ.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් නිරෝධායන නීතී රීතීවලට අනුගත වෙමින් ඩිජිටල් වේදිකා හා තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් ඉහත කටයුතුවල නියැලෙන ලෙසත්, ඒ අනුව සති දෙකකට වරක් මෙහි ප්‍රගතිය වාර්තා කරන ලෙසත් නායක රනිල් වික්‍රමසිංහ මහතා කමිටු සාමාජිකයන් වෙත දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක මන්ත්‍රී කෙනෙක්... පාර්ලිමේන්තු යවන්න සෙනග හොයාගන්න බැරිවුණා.. මොනවා නැතත් හැට හුටාමාරක් කමිටු...
මට තියෙන ප1ශ්නේ මේ අයට ආවසාන වසයෙන් 50 දෙනකුහොයාගන්න පුලුවන් වෙයිද
ඔව අපි දැන් ලැස්තිවෙලා ඉන්නෙ
අබරාදේ කියන්න බැ ඉතින්
.ඔය ප්රතිසංවිධානයකට කමිටු වැඩක් නැහැ.නිකම් බොරු සංදර්ශන නැතුව ඔය UNPය සජිත්ට බාරදෙන්න..
ඔයත් සමග ඔය පත්කරලා ඉන්න සියලුම දෙනා අසාර්ථක නායකයින් මෙලෝ රහක් නෑ...