(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය යෙදෙන සැප්තැම්බර් 6 වන දින මුල් කරගනිමින් පක්ෂයේ සියලු අංශ බල ගැන්වීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව එජාප පළාත් පාලන කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා පැවසීය.
පක්ෂ සංවත්සරයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ සිට ගම තෙක් දිවෙන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් අරඹා තිබෙන බව ද සමරසිංහ මහතා කීය.
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණු පක්ෂයේ සියලු අංශ බල ගැන්වීමේ වැඩපිළිවෙළ ද මේ වන විට සකසා අවසන් බව සන්දිත් සමරසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වැඩ පිළිවෙළේ කොටසක් විදිහට වෙන්න ඇති අර ආණ්ඩුවෙන් තමුන්ව මරන්න ඉන්නවා කියලා කියන්න සමාජ මාධ්‍යවල සාකච්ඡා එහෙම තියලා පඬි ටෝක් දෙන්නේ.
එක්සත් ජාතික පක්ෂය භූමිකාව භූමදාන කර අවසානයි. තරුණ නායකයකුට බාර දීලා වයසක අයට ගෙදර යන්න කියන්න..
වළදාපු එපාපය දැන් ලොඩදාලා වැඩක් නැහැ. ඒක දැන් ගොඩක් කුණුවෙලා...
කවුද ගොඩ දාන්නේ? පුතාණෝද? මානවම්ම රජ්ජුරුවෝද?