(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය අනුරාධපුර කඩපනහ දී පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි.

එජාප අනුරාධපුර දිස්ත්‍රික් නායක කස්තුරි අනුරාධනායක මහතාගේ ⁣මෙහෙවීමෙන් ගොවි හමුවක් ද එහිදී පැවැත්විණි.

රුවන් විජයවර්ධන මහතා මෙහිදී පැවසූයේ එක්සත් ජාතික පක්ෂය පිළිබඳව දැන් ජනතාවට අලුත් බලාපොරොත්තුවක් ඇතිවී තිබෙන බවයි.