
(අංජුල මහික වීරරත්න)
සජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට සමුගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය ලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබුණු බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ ගමන සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ඉදිරියට යන බවත් එහි දී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔය පොදු ගමනේ ඉස්සරින් යන බොස් කවුද ජබොස් කවුද? බොස් අන්තිමේ ජබොස් වෙයිද ජබොස් බොස් වෙයිද කියන එකත් ප්‍රශ්නයක්
රනිල් ඉන්නකන් ඕව හරියන්නේ නැහැ.
පොදුවේ හොරකන් කරන්න අනුමැතිය ලැබිලා.
අන්ධයයි කොරයි ගමනක් ගියා වගේ තියේවි !
නියම නායකත්වය! තනි තනිව වැඩකෙරුවොත් කරපු දේවල් හංගන්න බැරිවෙනවා. හැබැයි මසුරං වටින නායකත්වය!
සජබය විනාශ කරන්නේ එජාපයේ ගහපු උගුලට අසුවන ණයද?
මෙයා මේ කටෙන් ද කතා කරන්නේ? අනේ මන්දා මේ වගේ මිනිස්සුන් රට හදන්නේ කියලා
ඩීල් ඩිල් නෑ කිව්වාට ඩිල් නැතුව මොකුත් කරන්න බෑ
කරුණාකර ඔබ සහ රනිල් දෙදෙනාම පක්ෂ නායකකම් වලින් ඉවත් වෙලා, හර්ෂ, එරන්, පාටලී, වැනි කෙනෙකුට නායකකම දෙන්න. ඔබලාව දැන් මාර්කට් කරන්න බැහැ..
එකතුවීම හැර වෙන මගක් නොමැත
එකතුවෙලා ගියත්, වෙනම ගියත් යන්න තියෙන්නේ කැරකෝප්පුවට යනමග විතරමයි
සජබ එජාප එකට ජනපතිවරණයට මුහුණ දුන්නා නම් මොකද වෙන්න තිබුනේ. දැන් අනාගෙන ඉවරයි. නායකවරු දෙන්නා ඉවත්ව නව නායකත්වයක් යටතේ එජාපය ගොඩ නැගීම විපක්ෂ බලවේගය වීමට එකම විසඳුම. හරි විපක්ෂයක් නොමැතිව අනාගත රාජ්‍ය නායකත්වය ගැන හීන මැවීම විහිලු කතාවක්.