(ඩයනා උදයංගනී)
එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්වීමට තවත් පක්ෂ කීපයක් සූදානමින් සිටින බව එහි මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එම පක්ෂ ද එක්කරගනිමින් ඉදිරි මැතිවරණයකට වුවත් තරඟ කිරීමේ බලාපොරොත්තු ඇතිව ශක්තිමත් සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරන බව ද මහලේකම්වරයා සඳහන් කළේය.
මෙම ගමනේදීරජය ගෙනයන වැඩපිළිවෙලට බාධා කරන්නේ නැතැයි කී මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන්නේ ද රජය සමඟ කටයුතු කරන පක්ෂ බව ප්‍රකාශ කළේය.
රජයේ අඩුපාඩුවක් ඇත්නම් ඒවා පෙන්වා දෙමින් රට දියුණු කරන වැඩපිළිවෙලකට යාමට අවශ්‍ය විශේෂ යෝජනාවලියක් සකස් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය බලාපොරොත්තු වන බව ද ඇමතිවරයා කීවේය.
ආර්ථික අර්බුදය, වසංගත තත්වය ගැන සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කරමින් රජයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන බව කී ඇමතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඊයේ (15) සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවේදී ද මෙම කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන මහත්මයාගේ නායකත්වය යටතේ ලබන පළාත් සභාවට ශ්‍රී.ල.නි.පෙ තනියම ඉල්ලුවොත් එළඹෙන චන්ද ප්‍රතිපලය 3% කින් අඩු වේවි
සමාවෙන්න 3% දක්වා අඩු වේවි.
සිරිසේනව මුරුංගා ගස උඩ තියලා තියෙන්නේ .අනේ පව්
ආයේ කියන්ඩ දෙයක් නැහැ. අන්තිමට හුප්පේ ?
ඔය කියන සංශෝධනය 2024 සැප්තැම්බර් මාසෙ විතර හැදේවි. දැන් ඕවා හැදුවොත් ආණ්ඩුවේ තනතුරු දරමින් අපිව සූරාකන්න බැරිවන නිසා ඒවා කරන්නේ නැහැ..
මේ කට්ටිය යූ.එන්.පී එක එක්ක අවරුදු 5 ක් අද්දා .ඊට පස්සේ පොහොට්ටුව එක්ක .දැන් ඊළඟට තුරුම්බුව තමා මේ ගහන්න යන්නේ .රට ගැන හිතලා කරන වැඩක්ද මේ ?මේක තමා තුට්ටු දෙකේ දේශපාලනය ලංකාවේ
රටට අවංක සේවයක් කරලා ගොඩ ගන්න තිබුන එකම සහ අවසාන අවස්ථාවට පයින් ගහල දැන් තවත් සන්දානවල් ගොඩනගන්න ලැහැත්ති වෙනවා . පිස්සු නැත්තනම් ෂෝක්.
යූ එන් පී එකද.?