රොමේෂ් මධුෂංඛ
එංගලන්ත වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අද (19) මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ දී යුද සමයේදී කොටි සංවිධාන විසින් වළ දමන ලද බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.
එංගලන්ත රජයේ ආධාර මත මැග් නැමති බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් මන්නාරම් පෙරියමඩු ප්‍රදේශයේදී බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරතවන ආකාරය නිරීක්ෂණය කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහභාගී වූහ.
මේ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක ජෝ රූට් , ජේම්ස් ඩොරිස්, කීටන් ජෙනින්ග්ස්, ජොනි බෙයාර්ස්ටෝ සහ ඔලි ස්ටෝන් ඇතුළු ආරක්ෂක නිලධාරීන් හා කළමනාකාරීත්වයෙන් නිලධාරීන් පිරිසක් මෙම බිම්බෝම්බ නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.
එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ නිලධාරීන් විසින් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට බිම් යුද මහයෙන් පසුව සිදුකරනු ලැබූ බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදු කරනු ලැබූ අතර එංගලන්ත ක්‍රීඩකයින් බිම් බෝම්බ ඉවත් කරන බිම් ප්‍රදේශයේ ද ආරක්ෂාකාරීව නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ අර මැරිච්ච බාප්පොච්චි - අර උදව් පදව් එහෙම ගොඩක් කරපු - පිරබාහරන් ගොයියා වල දමාපුව තමයි ඔය මෑන්ස් ඔයිට ටිකක් යටින් ඉඳගෙන හාරනවා බලාගෙන ඇති !!!