(නිමන්ති රණසිංහ)
මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් උපරිම වන්දිමුදලක් ලබා ගැනීම සදහා නැවේ හිමිකරුවන් සමඟ දීර්ඝ සාකච්ඡුා අරඹා ඇතැයි අධිකරණ අමාත්‍ය අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි.
සිදුවූ හානියට අදාළව වන්දි ලබා ගැනීම සදහා ජාත්‍යන්තර විශේඥයින්ගේ සහාය ලබා ගැනීම සදහා ද පියවර ගෙන ඇති බවත්, ඒ සදහා එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් තිදෙනකු දැනටමත් මෙරටට පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු අරඹා ඇති වත් අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරයි.
නෞකාවෙන් මුහුදු ජීවීන්ට මෙන්ම මෙරට සාගර කලාපයට සිදුවී ඇති හානිය සොයා බලා එහි බහාලූම්වලින් සිදුවන හානිය අවම කර ගැනීමට කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා, විපතට පත් ජනතාව වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දීමට සැලසුම් කි‍්‍රයාත්මක කරමින් පවතින බව ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද ගන්නේ? කවදාවත් නෑ... කතාව විතරයි. වන්දි ගත්තත් අවශ්‍ය අයට ලැබෙන්නේ නැහැ.. වෙන කාගේ හරි සාක්කුවකට යයි.
නීතිය ගැන මොනවා හරි දෙයක් දන්නා බවක් පැහැදිලියි. ඒත් ඊට වඩා ගොඩක් පේනවා නාවික සහ ජාත්‍යන්තර නීතිය ගැන මොකුත් දන්නේ නැහැ කියලා. නිකම් පච නොවී ඕවා ගැන දැනුවත් ආයතනයක් සමග කටයුතු කළා නම් කට වහගෙන ඉන්න... එහෙම හොඳයි නේද?
ඔබලාගේ වැඩ නිසා අන්තිමට ලංකාවට වන්දි ගෙවන්න වේවිද දන්නේ නැහැ... මේ යන විදිහට..!!!
එතකොට අර ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවපු එකට වන්දිය හම්බවුණාද? නිකන් කට විතරයි. මේ ආණ්ඩුව ඔක්කොම අනාගෙන ඉවරයි.
ඇත්තෙන්ම කියනවා නම්, ඔබතුමාගේ අතට පමණක් මේ වන්දි මුදල් ලැබෙනවා නම්, එය නිසිලෙස කළමනාකරණය කරමින් ජනතාවට සහන සලසන බවට කිසිම විවාදයක් නැහැ. එ්ත් ඉතින් අවාසනාවට ඔබතුමාටත් තක්කඩි, සිංහල, හොරු කල්ලිය කියන ලෙසනේ කටයුතු කරන්න සිදුවී තිබෙන්නේ. කුමක් හෝ අවාසනාවකට ඔබතුමාලා වැනි උගත්, බුද්ධිමතුන්ටත් සිදුවී ඇත්තේ මේ හොර කල්ලිය වෙනුවෙන් සේවය කිරීමටනේ. ඔබට සුබ අනාගතයක්.
තාම ඉස්සරවෙලා නැවේ වන්දි සතපහක් ලැබිලා නෑ. දැන් මේකට බයිලා කියනවා. කයිවාරු නවත්තලා කරලා පෙන්නන්න...
වන්දියක් නම් ලැබෙයි.. ඒත් අපි දන්නවනේ අර කලින් ගිනිගත් නැවෙන් ලැබුණු වන්දියට වුණු දේ... කයිවාරු නවත්තලා ඔක්කෝටම ඉස්සෙල්ලා ඒ වන්දියට මොකද වුනේ කියලා හොයලා බලන්න.