(අජන්ත කුමාරඅගලකඩ)
කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති විශේෂ රැස්වීමකදී තීරණය කර ඇත.
ආපදාවට ලක් වූ මෙම නෞකාව මුහුදුබත් විමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයන් එම සාකච්ඡාවේ දී පෙන්වා දි ඇති අතර එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදුවිය හැකි හානිය අවම කරගැනීමට මෙම නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන් යෝජනා කර ඇත.
ඒ අනුව තාක්ෂණික කාරණා පදනම් කර ගනිමින් නීතිපතිවරයාගේ උපදෙස්මත, සමුද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිට ඇති බලතල ප්‍රකාරව එම නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට වහාම නියෝගයක් නිකුත් කරන්නැයි ජනපතිවරයා උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහදැන මුත්තයි.. ගෝලයො රොත්තගෙයි අලුත්ම කතාව දැන් තිර ගත වේ.. 69 ලක්ෂයේ නිෂ්පාදනයක්.. කිරිබත් කා නැරඹීම වඩාත් සුදුසුයි...
අද ගැලවීමේ කණ්ඩායම නැවට නැග්ගානේ... දැන් සර් කියන්න දෙයක් නෑ. ඒක අරන් යයි... අපිට හුළං සහ සහගහන අපරාදේ විතරයි...
එතකොට වන්දි ගන්නේ නැද්ද?
සර් හැමදාම කලේ, අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහපු එක තමයි...
ඉතින් ඊට පස්සේ තමයි ලාභ, පාඩු දැනගන්නේ... බලාගන්න, බෙදාගන්න ලැබෙන්නේ... අනේ සාදු, සාදු, සාදු..!!!
ඔය දේ මම මුලින්ම කිව්වා. අනේ දෙයියනේ. අපිටවත් තියෙන මොලේ නැහැනේ. ඕක කරන්න තිබුණේ.. පළවෙනි ගිනිදැල්ල එනකොට... ඔබ හරියට හරි. මහදැන මුත්තයි.. ගෝලයෝ රොත්තගෙයි අලුත්ම කතාව දැන් තිරගත වේ.. 69 ලක්ෂයේ නිෂ්පාදනයක්.. කිරිබත් කා නැරඹීම වඩාත් සුදුසුයි.
කෝච්චිය ගියාට පස්සේ අත දාලා වැඩක් නැහැ.
මට නම් මේවා හීනයක් වගෙයි. මට විතරද එහෙම හිතෙන්නේ?
රට රකින විරුවනි ඔබ කොහේද
වසංගත තත්ත්වයේ දී වගකිවයුත්තන්ගේ තීරණ ප්‍රමාද වී ගත්තා සේම, නියෝග ලබා දුන්නත් දැනටමත් අශ්වයා පැන ගිහින් වගේ පේන්නේ. කෙසේ හෝ විනාශ වී ඇති නැව මුහුදුබත් වීමට පෙර ගැඹුරු මුහුදට ගෙන යාමට හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
තෙල් කාන්දු වෙයි කියල කරන වැඩක් නෙමේ. නැව බේරා ගැනීමේ අයිතිය වෙන කම්පැණියකට දීල සම්තින් එකක් ඉල්ල ගන්ඩ හදන්නේ. මතකනෙ කලින් නැවටත් කල දේ. පරීක්ෂකයෝ කියනවා නැව හිල් කරල තමයි තෙල් කාන්දු කරන්ඩ වෙන්නේ කියලා. කිමී 500 ක් ඈතට ගියත් තෙල් කාන්දු උනොත් ලංකාවටම තමයි ඒන්නේ.
රජයක් කළ යුත්තේ වැරදි වැඩවලට පිළියම් කිරිමට ඩවා වැරදි සිදු වීම අඩු කරගැනිමයි
මේ නැව ගොඩබිමට අරන්ගිහින් යකඩ කපනන් පුලුවන්
මේකේ සීනි, පොල්තෙල් තිබුණේ නැතෙයි..
කොච්චර දියුණු, සල්ලි තියෙන රටවල් වුණාට "ස" එක්ක ලේසි වෙන්නේ නෑ..
ශාහ්! මාර මොලයක්නේ. එකෙකුට තේරුනේ නැහැනෙ ඔය ටික. සියලු ප්‍රශ්න විසඳෙන වැඩක්නේ...
පළාතම ඉවරයිනේ ආයුබෝවං... දැන් ඉතිං අමුඩේ තදකරලා වැඩක් වෙයිද...?
දැන් අරන් ගිහින් මොනවා කරන්නද ලංකාවට වුණ දේ
නෞකාවේ ගින්න සම්බන්ධයෙන් තවම පරීක්ෂණ අවසන් නැත. එහෙයින් නෞකාවේ ගින්න තවම අභිරහසකි. රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී මෙබඳු අභිරහස් තිබිය නොහැක. එහෙයින් මේ සම්බන්ධයෙන් විධිමත් පුළුල් පරීක්ෂණයක් කළ යුතුය. විශේෂයෙන්ම සිදුව ඇති විනාශය දෙස බැලීමේදී කිසිවකුගේ හෝ අත්වැරැද්දකින් මෙය සිදු වී තිබේ නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.
අශ්වයා ඉස්තාලයෙන් පැන්නාට පස්සේ නැව ගැඹුරු මුහුදට ගෙන යන්න හදනවා. මාර විද්වතුන් සමූහයක් තමයි. අපේ ආචාරය සර්...
ඒකත් කාගෙන් හරි අහගත්තු උපදෙසක්ද දන්නේ නෑ. ගිනි අරන් ඉවර වෙලා පරිසරයට වෙන්න තියෙන විනාශය වුණාට පසුව තමයි මොලේ පෑදිලා තියෙන්නේ. අනේ මෙහෙම ෆේල් වුණු නායකයෙන් නේද අපේ රට පාලනය කරන්නේ කියලා හිතෙන කොට පුදුම දුකක් දැනෙන්නේ. 69 ලක්ෂය මේ විනාශයට වගකිව යුතුයි...
"ගැඹුරු මුහුදට රැගෙන යන්නයි නියෝගයක්" එතකොට ඉවතට එන තෙල් යට යනවාද? මහා විනාශයක මුල පිරීමක් නේද? ඉවත්වන තෙල් මුලු ආසියාකරයටම බෙදාහැරීම නේද මෙයින් කරන්නේ...!!!
ගින්නට අසුවූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදු ජලයට එක්වූ ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදනයට අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගන්නා ප්ලාස්ටික් ඇට විශේෂයක් නිසා මෙම මුහුදු තීරය වසර ගණනාවක් යන තුරු ‘අමු සොහොනක’ තත්ත්වයට පත්වන බව පරිසර විශේෂඥයන් පෙන්වා දී ඇත. ගල්මල් හා කොරල්පර දියවීම, යළි ඒවා නොසෑදීම, මාළුන් බෝවීම වැළකීම හා මෙම ක්ෂුද්‍ර අමුද්‍රව්‍ය මුහුදු ජලයට දියවීම මත මසුන් ආහාරයට ගැනීමේදී පිළිකා, ශ්වසන රෝග හා චර්ම රෝග ඇතිවීම සිදුවන බව ද ඔවුන් පෙන්වා දී ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම ඉතාම වැරදි තීරණයක්. මේක හරියට අපට ගානක් ලැබුණා... දැන් ඕන දෙයක් වුණාට කමක් නැහැ වගේ දෙයක්...
නැවේ තෙල් ධම්මික වෙද මහත්තයාගේ තෙල තරම් හොඳ නැහැ..!!!
අම්මෝ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ... සර් වැඩේට බැහැලා..
තවත් පිස්සු නියෝගයක්...
කොහොමත් එජාපයට පක්ෂවනෙ ප්‍රතිචාර දාන්නේ...
අයියෝ නන්දසේන... මිස්ටර් බීන් 2වැනි කොටස...