
(අංජුල මහික වීරරත්න)
ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවැත්වෙන 16 වන එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ සමුළුවේ (UNCTAD) සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) දින සහභාගී විය.
අද(20) සිට 23 දක්වා පැවැත්වෙන මෙම සමුළුව, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ ප්‍රධාන සමුළුවයි.
එම සමුළුව සඳහා ගෝලීය වෙළෙඳාම, මූල්‍ය, ආයෝජන, තාක්ෂණික ප්‍රවණතා සහ අභියෝග සාකච්ඡා කිරීම සඳහා සාමාජික රටවල් 195 ක රාජ්‍ය නායකයින්, වෙළෙඳ හා ආර්ථික අමාත්‍යවරුන්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්, නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයින්, සිවිල් සමාජ සංවිධාන, සංවර්ධන බැංකු, මූල්‍ය හා ගෝලීය වෙළෙඳ සංවිධාන වල නියෝජිතයින් සහභාගී වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති ඉඳලා අගමැති ඇමැතිලා රංචු පිටින් රට සවාරි...