( තිළිණි ද සිල්වා )
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් සිදුව තිබේ.
ජනාධිපති කාර්යාලයේදී එම හමුව සිදුවූ බව තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.
රට තුළ මේ වන විට ඇති වී තිබෙන දේශපාලනික තත්ත්වය පිළිබඳව එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතවරිය දැනුවත් කර ඇති ජනාධිපතිවරයා රජයේ සියලු කටයුතු සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව පෙන්වා දී තිබේ.
එමෙන්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බවට ද ජනාධිපතිවරයා එහිදි සඳහන් කළ බවද වාර්තා වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
19 වන සංශෝධනය ප්‍රකාරව ලියුමක් දීලා අගමැතිවරයව ඉවත් කරන්න පුළුවන් කියලා ජනාධිපතිතුමාට උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න මාධ්‍යවේදීන්ට පොඩ්ඩක් හොයලා බලලා අපිට කියන්න පුලුවන්ද?
හා මේ මේ. මේ නෝනටත් ආප්ප කවනවා නෙමේ ඔන්න