IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එකම පවුලේ හතරක් කපා දමලා

(ඩී.ඒ.පතිරණ)

බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් 13 හැවිරිදි පාසල් සිසුවකු මව පියා ඇතුළු සිව් දෙනකු කපා කොටා බරපතල තුවාල සිදුකර පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි.

ඌරුබොක්ක පොලිස් වසමේ බෙංගමුව,තැන්නහේන,පුහුල්හේන්වලකඩ ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.00 ට පමණ පැමිණි කණ්ඩායමක් නිවසේ සිටී මව,පියා,පුතා සහ දියණිය යන සිව්දෙනා කපා කොටා තුවාල සිහා යතුරු පැදිවලින් පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

ත්‍රීරෝද රථවලින් පැමිණි මැර කණ්ඩායමක් මුහුණු වසා පැමිණ නිවසේ සිටී පිරිස මෙසේ කපා කොටා ඇතිඅතර 119 හදිසි දුරකථන අංකයට ලද පණිවිඩයකට අනුව පොලීසියේ නිළධාරින් පිරිසක් පැමිණ තුවාල කරුවන් ඌරුබොක්ක හීගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තේය.

බරපතල තත්ත්වයේ සිටී මව සහ පුතා වැඩිදුර ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය මහ රෝහලට මාරු කර යවා ඇති බවට පොලීසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ  මව,පියා,දියණිය හා පුතා යන සිව් දෙනායි.13 හැවිරිද පාසල් සිසුවකු හා ඔහුගේ 51 හැවිරිදි පියා,51 හැවිරිදි මව හා 17 හැවිරිදි සහෝදරිය තුවාල ලබා ඇත.

 



අදහස් (6)

එකම පවුලේ හතරක් කපා දමලා

අජිත් ගලගමගේ Thursday, 27 April 2023 08:08 AM

ඛේදනීයයි, ගෝත්‍රිකයි විශේෂයෙන්ම දරුවන්ට සිදුවන කායික හිරිහැර සේම, මානසික බලපෑම බරතලයි.

:       0       16

Bunny Preena Thursday, 27 April 2023 08:45 AM

අපරාධවලින් කිසිම අඩුවක් දකින්නට නැහැ .උදේ පාන්දර ඉඳන් පන්සල් සහ කෝවිල් වලින් ඇහෙන්නෙම සිත කය නිවන බුදු ගුණ ,ආගමික වතාවත් .නමුත් සිදුවන්නේ එයිට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රචණ්ඩ ක්‍රියාවන් .කවදා මේවා නතරවෙයිද කියන්න බැහැ

:       1       16

anton austriaThursday, 27 April 2023 10:50 AM

සත්‍ය කතාව . යුරෝපයේ ඔවා ඇහෙන්නෙත් නැ . එවුනට මිනිස්සු ඔවා කරන්නෙ නැ

:       8       9

මද්දුම ආරච්චිFriday, 28 April 2023 12:49 AM

යුරෝපයේ පොඩි ඉස්කෝලේ ළමයි ගුරුවරුන්ටයි, ළමයිටයි වෙඩි තියනවලු එහේ හැම දෙයක්ම හොඳයි ලු . ඒ අතින් අපි තව මදි .... ලිඳෙන් වතුර බීලා මුහුදට ආ වඩනවා කියලා ඉස්කෝලෙදි කියනවා ඇහිලා තියෙනවා.

:       1       1

නිශ්ශංක Thursday, 27 April 2023 01:20 PM

ඒ ඒ පළාත්වල ආගමික නායකයන්ගේ යුතුකමක්‌ තමයි ඒ ප්‍රදේශවල වෙසෙන මිනිස්සුන්ගේ සමාජ වටපිටාව යහපත් කිරීම. හොරු, මංකොල්ල කාරයන්, කුඩු බොනමිනිස්සුන්ගෙන්, මිනීමරු වන්ගෙන්.... තොර සමාජයක් ඇතිකිරීමට උත්සහ කිරීම. උනන්දු කිරීම.තමන්ට යැපීම සඳහා උපකාර කරන මිනිස්සුන්ට සාමයෙන්,සතුටින් ජීවත් වීමට සමාජයේ වෙසෙන මිනිස්සුන් යහමගට ගැනීම. නමුත් ඒ ගැන කිසිම කතාවක්වත් ඒ අයගෙන් සිදු නොවේ..... මේ කණගාටුදායක සිද්ධියට මුහුණ දුන් සැමට ඉක්මන් සුවය ලැබේවා.

:       0       9

පිටිගල මිලානෝ Thursday, 27 April 2023 02:04 PM

ලංකාවේ වාහනයක් ඉස්සර කරන්න හෝන් ගැහුවොත් නොමිලේ දත් ගැලවීමේ සිට නිවන් දැක්කවීම දක්වා අත්දැකීම් ලැබිය හැක. එතරම් පිං කාරයෝම ඉපදෙන රටක් මේක. පිං බිමක්….

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site