(බී.ජී.චතුරංග)
රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා කේරළ ගංජා තොගයක්, කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු එම කැබ් රථය සමග ඊයේ (10 දා) රාත්‍රි අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුදුකුඩුඉරිප්පු සහ මුලතිව් ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව ද පොලීසිය කියයි.
පොලීසියට ලැබුණු තොරතුරකට අනුව යාපනය නුවර ඒ-9 මාර්ගයේ බූ ඔය පාලම අසලදී මෙම වැටලීම සිදු කර, සැකකරුවන් සතුව තිබූ කේරළ ගංජා කිලෝ 24යි ග්රෑම් 850 ක ප්‍රමාණයක් සහ කැබ් රථය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මුලතිව් සිට කොළඹ දක්වා කැබ් රථයකින් කෙසෙල් ප්‍රවාහනය කරන මුවාවෙන් සූක්ෂම ලෙස සඟවා මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය පවසයි.
සංවිධානාත්මක පිරිසක් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන කේරළ ගංජා, දිවයින පුරා බෙදා හැරීම මෙම සැකකරුවන් විසින් සිදු කර ඇති බවද පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (11දා) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරි ඩී.ආර්.එස් ධර්මදාස මහතාගේ මෙහෙයවීමෙන්, මැදවච්චිය පොසියේ වැඩ බලන ස්ථානාධිපති ජී.ජී.එල් ධර්මසිරි, උප පොලිස් පරීක්ෂක නිමල් ප්‍රේමසිරි, පො.සැ. විතාරන(34880), රියදුරු පො.සැ. බණ්ඩාර (39643), පො.කො.කුමාර (84380), පො.කො. සිල්වා පො.කො. සිල්වා (56471), පො.කො. රෑපසේන(56649)
පොලිස් ආරක්ෂක සහයක ජයසේන (2038) යන නිලධාරීන් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්කෝටි විසිපන් ලක්ෂයක කේරළ ගංජා ඇද්ද දෙකක් මාට්ටු