
(අංජුල මහික වීරරත්න)
එක රටක් එක නීතියක් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය ඇත්තේ ජනාධිපති කාර්ය සාධක බලකායට නොව පාර්ලිමේන්තුවට බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සිරිකොත දීපවාලී සැමරුම් උත්සවයේදී පැවසීය.
රටේ නීති සම්පාදනය කරන ව්‍යවස්ථාදායකයට"එක රටක් එක නීතියක්" සඳහා ද අදාළ නීති සම්පාදනය කිරීම පාර්ලිමේන්තුවේ යුතුකමක් බව කී රුවන් විජයවර්ධන මහතා ජනාධිපතිතුමාගේ නොදැනුවත්කම නැති කිරීමට දීපවාලී මංගල්‍යයේ ආලෝකය ඉවහල් වේවායි ප්‍රාර්ථනා කරන බවද පැවසීය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිරෝධායන නීති වලට අනුකූලව පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම උත්සවය පැවැත්විණි.
(ඡායාරූප: ඩික්සන් වසන්ත)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපය ඉවරයි... නැගිටීමක් නැහැ...
මහත්තයෝ පිස්සන් රජකරන තාක්කල් ඔය මොනවා කිව්වත් වැඩක් නැහැ.. 69 ලක්ෂයට සැපද?
දියවන්නාව මීහරක් පට්ටියේ තමන්ට බලය තිබෙන කොට එකඳු මීහරකෙක් තමන්ගේ රටට වියයුතු වැඩ කොටස, වගකීම් නොකර දැන් බලය නැතිව හිඟාකන කොට තමයි රෙද්ද කරට අරගෙන රට වෙනුවෙන් දිවිහිමියෙන් වැඩ කරන්න කෑමොර දෙන්නේ... නොදකින් මේ වගේ මීහරකුන් රැලක්...
එහෙම නම් අද එක රටත් නැහැ, එක නීතියත් නැහැ කියලද කියන්නේ... දැනට තියන නීතිය ඕනෑතරම් ඇති කාටත් එක හා සමාන විදියට ක්‍රියාත්මක වෙනවා නම්... ඔයගොල්ලොත් බලයේ ඉන්නකොට අපි දැක්කා නීතිය නවපු හැටි, නඩු කල් දාපු හැටි. ඔය දෙගොල්ලන්ම රට විනාශ කළා.
එක රටක කොහෙද එක නීතියක් තියෙන්නේ..., දේශපාලුවන්ට එක නීතියක්, සාමාන්‍ය ජනතාවට වෙනම නීතියක්... කැකිල්ලේ නීතිය කිව්වා නම් තමා වැඩිය හොඳ.
"එක රටක එක නීතියක්" හදන්න බලය ඇත්තේ පවුල් පාලනේ උදවියට මිස වෙන කාටවත් නොවේ...
පට්ටියේ බලය තිබෙනාවිට රාගමින් හිටියාට....... ජනතාව දුන්නේ හොම්බෙන් යන්නම නොවේද.... දැන් මේ හුටු පෙරන්නේ මව්බිම හදන්නද........ ඒ බවත් නොතේරුනේ ඇයි....