ශ්‍රී ලංකාව තුළ එකමුතුව සහ ප්‍රජාවන් අතර විශ්වාසය නැවත ගොඩ නැගීමට කාලය එළැඹ ඇතැයි ද ඒ සඳහා දේශපාලනඥයන්, ආරක්ෂක අංශ සහ ප්‍රජා නායකයන් ඇතුළු සෑම සියලු දෙනාම එක්සත්ව කටයුතු කළ යුතු යැයි ද මෙරට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජාති ආගම් භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකිකයකුගේම ආරක්ෂාව සහ ඔවුනොවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු යැයි ද එම කාර්යාලය කියයි.
මෙරටට ප්‍රදේශ කිහිපයක ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඒ බව කියා සිටී.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව ශ්‍රී ලංකාව තුළ වාර්ගික ප්රචණ්ඩ ක්‍රියා සහ නොසන්සුන් තත්ත්වයක් උද්ගත වී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය කොළඹ කාර්යාලය ඒ සම්බන්ධයෙන් මහත් ඕනෑකමකින් සහ සැලකිල්ලෙන් පසුවන බවද එම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයේ මෙසේ ද සඳහන්ව ඇත.
“ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ වත්මන් තත්ත්වය උග්‍ර අතට හැරීම වැළැක්විය යුතුයි. සියලු දෙනා එක්ව ප්රචණ්ඩ ක්‍රියා සිදු කළ ඉතා සුළු පිරිස සහ වෛරී ප්‍රකාශ කළ අයට අනුබල දුන් දේශපාලනඥයන්, ආගමික නායකයන් සහ අනෙකුත් නායකයන් හෙළා දැකිය යුතුයි.
තිරසර සාමය පවත්වාගෙන යෑම සඳහා එකමුතුව වෛරය ප්‍රතික්ෂේප කිරීමේ ඉතා වැදගත් සංධිස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ සිටී. රට අනාරක්ෂිත කරන සහ ප්රචණ්ඩත්වය අනුබල දෙන වෛරී ප්‍රකාශ ව්‍යාප්ත වැළැක්වීමට සෑම පුරවැසියකු සතුවම වගකීමක් තිබේ. වෛරී ප්‍රකාශ මගින් තවදුරටත් අසමඟිය ඇති කරන අතර දැනට තිබෙන නොසන්සුන්තාවට තවදුරටත් වැඩි කරමින් බිය ඇති කරනු ඇත.
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුගේම සහ සෑම ප්රජාවකගේම අයිතිවාසිකම්වලට ගෞරව කරමින් සියලු දෙනාට සමානව සලකන්නැයි හදිසි නීතිය තම රාජකාරීවල ආරක්ෂක අංශවලින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටී. ප්රචණ්ඩ ක්‍රියා සිදුකරන පුද්ගලයන් සහ ඒවාට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.”
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජා සංවිධානය මතුපිටින් කියන දේ ඉතාමත් වැදගත්. අප ජනවර්ග වශයෙන් කා කොටා නොගත යුතුය. ඔවුන් මෙය කීමට පෙර රටේ පූජක පක්ෂය සහ උගත්, බුද්ධිමත් පිරිස මේ ගැන උපදෙස් දී ඇත. මේ එන්නේ කසකරු බව තේරුම්ගෙන හදවතට නොව බුද්ධියට තැන දී මේ දේශපාලුවන් නමැති අම්බරුවන්ට අසු නොවී සාමය පවත්වාගෙන යන්න. ඊට පසුව එන්නේ එජා සංවිධානයේ සාම සාධක හමුදාව නමැති පෙරහැර බවත් මෙය ගතේ සවියෙන් නොව බුද්ධියෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් බව මතක තබාගන්න.
ඕක හැම ජාතියකටම වලංගු විය යුතුයි. සිංහල අයට විතරක් ඔය බණේ කියලා වැඩක් නැහැ. වහා බයුර්දීන් අත්අඩංගුවට ගන්න.. එතකොට වැඩේ නිකම්ම ඉවරයක් වෙයි.
ඔහෙලා නම් කියයි.., අපිනේ දන්නේ කෙරුවාවල් ටික.