(යොහාන් භාසුර)
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන ඉන්දික හතුරුසිංහ මහතා ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරයා ලෙස ඌව පළාත් නියෝජ්‍ය තැපැල්පති කාර්යාලයේදී හෙට (22) වැඩභාරගැනීමට නියමිතය.
හතුරුසිංහ මහතා මෙම තනතුරට පත්වීමට පෙර බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය.
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන ඒ මහතා ලිපිකරුවෙකු වශයෙන් කන්තලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ රාජ්‍ය සේවයට එක්වී 2010 වසරේදී පරිපාලන සේවා තරග විභාගයෙන් සමත්ව මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස් ලෙස රාජ්‍ය පරිපාලන සේවයේ ආරම්භ කළේය.
ඉන් පසුව පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා පසුව බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ලෙස පත්විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඌවේ නියෝජ්‍ය තැපැල්පති වැඩ බාරගැනීම හෙට
සුජිත් ද සිල්වා Monday, 21 February 2022 07:51 PM
ඇත්තටම දක්ෂ, පිළිවෙලකට වැඩකරන, අවංක නිලධාරියෙක්... සුබ පැතුම් පිරිනමමි හදවතින්...