(ඩයනා උදයංගනී)
අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව ඇති අ.පො.ස උසස් පෙළ විභාගය ඔක්තෝබර්, නොවැම්බර් කාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කරගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
එමෙන්ම මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ දින සම්බන්ධයෙන් ද සාකච්ඡා කරමින් සිටින බව ඇමතිවරයා පැවසීය.
2023 වසර ආරම්භවීමට පෙර ලබන දෙසැම්බර් 22, 23 පමණ වන තුරු මෙම වසරේ පාසල් පැවැත්වීමට ඉඩ ඇතැයි කී ඇමතිවරයා දරුවන්ට පාසල් දින ගණන උපරිමයෙන් ලබාදී මෙම වසරේ විෂය නිර්දේශ ආවරණය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
2023 වසරට අවශ්‍ය පෙළ පොත් මුද්‍රණය සඳහා සහ නිල ඇඳුම් ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රදානයන් ලෙස ලබාගැනීමට ද උත්සාහ කරමින් සිටින බව සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උසස් පෙළ කල් යයි
Risitha Thursday, 02 June 2022 02:08 PM
එතකොට O/L කල් යනවද ජනවාරි වලට