( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
යුක්රේන ජාතිකයින් සහ කොවිඩ් ආසාදිත ඉන්දියානුවන් මෙරටට ගෙන්වීම තුළින් කොවිඩ් රෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම සම්බන්ධයන් හිටපු අමාත්‍ය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන බැසිල් රාජපක්ෂ සහ රැසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා වගකිවයුතු බව සදහන් කරමින් , ඔවුන්ට එරෙහි නඩු පැවරීමට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (19) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරිණි.
නාරාහේන්පිට ධර්මායතන විහාරාධිපති සහ කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයේ විදුහල්පති උලපනේ සුමංගල හිමි සහ ලෙස්ලි ද සිල්වා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආර්ථික පුනර්ජීවන සහ දුප්පත්කම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ , රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග , පොලිස්පති ,නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
ජනාධිපති සහ පළමු වගඋත්තරකරු ගන්නා ලද තීන්දු සහ තීරණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයකට වැළදී ඇති සේම ඉන් ඇතැම් පිරිස් මරණයටද පත්ව ඇතැයිද
කොවිඩ් වසංගත තත්ත්වය මෙරට උග්‍රව පැවති අවස්ථාවක මෙරටට යුක්රේන ජාතිකයින් සහ ඉන්දියානු කොවිඩ් රෝගීන් මෙරටට ගෙන්වීම තුළින් 1 සහ 2 වගඋත්තරකරුවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ මිනීමැරීමේ වරද සිදු කර ඇතැයි එම පෙත්සමෙන් පෙන්නා දෙයි
ඊට අමතරව නිරෝධායක පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම මගින් 1 සහ 2 වගඋත්තරකරුවන් දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කර ඇතැයි ද පෙත්සමෙන් පෙන්නා දි ඇත.
පළමු වගඋත්තරකරු ජනාධිපතිවරයාට තිබෙන සම්බන්ධකම් උපයෝගී කරගෙන ජනාධිපතිවරණයන් පසු මෙරටට පැමිණ නොයෙකුත් ව්‍යාපෘති සිදු කරනු ලබයි.
එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත් , ජනාධිපති විසින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සමින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කවුරුත් චීනෙට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණයට යන්නේ ඇයි? මේක හදලා පතුරුවන්නේ චීනෙන්.. මේ සියලු වියදම් චීනය දැරිය යුතුයි වගේම සියලු දෙනාටම චීනය වන්දි ගෙවිය යුතුයි.
හාමුදුරුවෝ මුලින්ම එන්නත විදගෙන අපිට බණ කියනවා.
මම හිතන්නේ මේ ඉල්ලීම නිෂ්ප්‍රභා වෙනවා. වගඋත්තරකරුවන් රටේ ආර්ථිකය දියුණු කිරීමේ සත්භාවයෙන් සංචාරකයෝ ගෙන්නුවේ. සත පහක කොමිස් එකක් බලාපොරොත්තු උනේ නෑ අම්මප.
එය අත්‍යවශ්‍යයි!
අනුර කුමාරත් වග උත්තර කරුවකු කරන්න පිටරට මිනිස්සුන්ට දින 7න් නිවාස නිරෝධායනය කරන්න යූ.එන්. එකට ගිහිල්ලා පැමිණිලි කරලා කටයුතු කළාට..
සත්‍ය වශයෙන්ම, මේ වසංගතයේ වෛරස් අඩංගු එම ආසාධිතයන් ගෙන්වීම නොකළ යුතුව තිබූ දෙයක්... ඒත්, රටේත්, අපේත් අවාසනාවට එසේ සිදුවුණා. මේ අසාධාරණ, අයුක්ති සහගත වැඩවලට එරෙහිව නීතියේ පිහිට පැතීම අගය කළ යුතුයි. මෙහි දේශපාලනයක් නැහැ. මෙය සැමට පොදු දෙයක්. තව දෙයක් මීටම එකතූ වුණානම් හොඳයි. ඒ තමයි අර බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වීමට හේතුවූ දෙය. ඉන්දියාවෙන් ආසාධිතයන් ගෙන්වා, පී.එච්.අයි ලාටද හොරෙන් ඔවුන් රඳවාගෙන හිටිය සිද්ධිය...
මෙම පෙත්සම ඉදිරිපත් කළ ඔබට අපේ කොන්දේසි විරහිත පූර්ණ සහාය...
ඔබ වහන්සේ 100%ක් නිවැරදියි. ගෝඨා (පොහොට්ටු) මාස 2න් සහරාන් (සහ රනිල්, මෛත්‍රී) පරදා ඇති අතර, මේ විදියට ගියොත් 2021 වසර තුළම (ඊලාම්) මරණ අභිබවා යෑමටද හැකියාව ඇත. වගකිව යුතු සෞඛ්‍ය බලධාරීන්.. දැන්වත් තම බලතල භාවිතාකර වගකීම ඉටු කළ යුතුයි. නැතිනම් අනාගත කොවිඩ් කොමිසම හෝ එවැනි අවස්ථාවක පූර්ණ වගකිව යුත්තාට මුක්තියට අනුව නිදහස් වී ඔබලාට පෝරකය හිමි විය හැකිය.
හාමුදුරුවන්ට ගොඩාක් පින්... කොරෝනා වැඩිවුණේ මෙයාලා නිසා තමයි. මේ දෙන්නට ලංකාව ලියලද තියෙන්නේ? බයියන්ට බැරිද උත්තරයක් දෙන්න..?
අනේ කරුණාකරලා හරියට ගොනු කරන්න.. නැතිනම් ඉතින් ඕවා ලේසියෙන්ම අල්ලලා විසි කරයි. වැරැද්ද කෙසේ වෙතත් ගොනු කරපු විදිහ වැරැදියි කියලා. එතකොට අර හොරු දෙන්නා නිකම් වීරයෝ වෙලා මල්මාලා දාගෙන එළියට එයි.
උදයංග ලංකාවට ගෙනැල්ලා මොනවද කළේ? රුසියානු එන්නතකින් ඩොලර් 05ක් ගන්නවා ආණ්ඩුව.. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...