(නිමන්ති රණසිංහ)
රාජගිරිය ගුවන් පාලම අසල දී නොසැලකිලිමත් රිය ධාවනය කරමින් අනතුරක් කර පුද්ගලයකුට බරපතළ තුවාල කළැයි වැලිකඩ පොලිසිය අත්අඩංගුවට ගත් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය රුපියල් ලක්ෂ පහක පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (01) නියෝග කළේය.
සැකකාරියගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියෝග කළ අධිකරණය එම බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමට ද නියම කළේය.
මෙම සිද්ධියෙන් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ත්‍රීරෝද රථ රියදුරුට රුපියල් 80,000 ක සානුකම්පිත දීමනාවක් ගෙවීමට ද විත්තිකාර පාර්ශවය අධිකරණයේදී එකඟත්වය පළ කළේය.
සැකකාරිය පැදවූ මෝටර් රථය තවත් ත්‍රීරෝද රථයක ඊයෙ (31) පස්වරු පහයි තිහට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, අනතුරක් වලක්වා නොගැනීම, අපරික්ෂාකාරී රිය ධාවනය ඒ මගින් අනතුරක් සිදු කිරීම සැකකාරියට එරෙහි චෝදනා බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
මෙම අනතුරෙන් තුවාල ලැබූ 38 හැවිරිදි ත්‍රීරෝද රථයේ රියදුරු මේ වන විට ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බවද වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය තුවාලකරුට සානුකම්පිත දීමනාව ලබා දෙන ලෙසට සැකකාරියට නියෝග කරමින් ඇය ඇප මත මුදාහැරියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ මෙයාගේ ෆේස්බුක් එකේ බලන්න ඕනේ. සර් ලයිසන් කන්තෝරුවට පැනපු එකටත් ප්‍රශස්ති ගී. කලාකරුවෝ තමයි ඉතින්... ජීවත් වෙන්නත් විදියක් තියෙන්න එපැයි.
ඔව් දැන් සම සුදු නම් ඇපම තමයි... හම කලු නම් මොනවත් කරගන්න බැරි අයට හිරේ තමයි.. දෙවියනේ ඔබ කොහේද?
මෙයා ගැන විස්තර දාන්න තරම් කෙනෙක්ද මේ...!!!
ගමේ භාෂාවෙන් කිව්වොත් මේක මොකේ බලේ නිසාද මෙහෙම වෙන්නේ? අපි පිරිමි අතින් වුණා නම් ලෙඩාට සනීප වෙනතුරු ඇතුලේ... එහෙම වෙන්නේ ඇයි?.
Aha watera thawarana alepa nisa para pahadili na