
(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවවාවල)
තම කුසින් උපන් බිළිඳා කාටත් හොර රහසේ නිවස අසළ වන ලැහැබකට දැමූ මවක අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලීසිය කියයි.
මව බිළිඳා බිහිකිරීමෙන් පසුව අධික රුධිර වහනයට ලක්වීම හේතුවෙන් තෙල්දෙණිය රෝහලට ඇතුළත් වීමෙන් පසු වෛද්‍ය වරුන් ඇය පරීක්ෂාකර බලා ,ඇය දරුවකු ප්‍රසූත කළ බව අනාවරණය වීමෙන් පසු සිද්ධිය පොලීසියට දැනුම් දී තිබේ.
මව විසින් බිහිකල බිළිඳා පසුව මව විසින්ම අසළ වන ලැහැබකට බැහැර කර සිටියදී ,එම බිළිඳා හඬන ශබ්දය ඇසුණු ,නිවසේ සිටි කුඩා දරුවන් ඒ බව සිය පියාට දැනුම් දීමෙන් පසුව ,එම පුද්ගලයා බිළිඳා වහා රැගෙන තෙල්දෙණිය රෝහලට බාර දී තිබේ.
රෝහලට ගෙන ආ බිළිඳා වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණයෙන් පසු , පේරාදෙණිය ළමා රෝහල වෙත යවා තිබෙන අතර එහිදී බිළිඳා මිය ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd