(උපුල් හේරත්)

මිහින්තලේ සියඹලා ගස්වැව හන්දියේ පදිංචි ජනතාව තම ප්‍රදේශයේ බහුලව පවත්වාගෙන යන නීතිවිරෝධී මත්පැන් පෙරන්නන් හා පානය කරන්නන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් විරෝධතාවක නිරත වූහ.

මෙම ගම්මානයේ කාන්තාවන් හතළිහකට නොඅඩු පිරිසක් ඊට සහභාගි වූ අතර, ඔවුහු පෝස්ටර ප්‍රදර්ශනය කරමින් විරෝධයේ නිරත වූහ.

තම දුවා දරුවන්ගේ අනාගතය ගැන රටේ ජනාධිපතිවරයාගේ අවධානය පිණිස මෙම උද්ඝෝෂණය පැවත්වන බව ඊට සහභාගි වූ කාන්තාවක් පැවසුවාය.