
(අංජුල මහික වීරරත්න)
මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වසරේ නොවැම්බර් මස දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මත ජන ජීවිතයට බරපතල හානි සිදු වීම හේතුවෙන් නියමිත දිනට රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා ඉදිරිපත් වීමේ දුෂ්කරතාවන්ට මහජනතාවට මුහුණ පෑමට සිදු විය. එමෙන්ම, එම කාලය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධ පරිගණක පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂ හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ හා අලුත් කිරීමේ සේවාවන් අඛණ්ඩව පවත්වා ගෙන යාමට ද නොහැකි විය. එබැවින්, එමඟින් මාර්ග ආරක්ෂාවට හා මාර්ග භාවිත කරන්නන්ට අහිතකර බලපෑමක් ඇති නොවනු පිණිස 2025 -11-25 දින සිට 2025-12-24 දින දක්වා වූ කාලය තුළ වලංගු කාලය ඉක්ම වීමට නියමිතව තිබූ රියදුරු බලපත්‍රයන්හි වලංගු කාලය, එසේ කල් ඉකුත් වීමට නියමිත ව තිබූ දින සිට මාසයක කාලයකින් දීර්ඝ කරමින් 2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝග, අංක 2467/52 දරන 2025-12-17 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ අනුව, (203 වන අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන පරිදි එකී නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd